ප්‍රථමාධාරකරුවෙකුගේ වගකීම සහ කාර්යභාරය
ආයුබෝවන් ! වාසනාවන්ත දවසක් ඔයාල හැමදෙනාටම. ඔන්න පොරොන්දු වුණා වගේම අදත් අපි ආවා අළුත් ලිපියක් අරගෙන. මේ, "First Aid for Life - එදිනෙදා දිවියට ප්‍රථමාධාර" ලිපි මාලාවේ පස්වැන්න. ඔයාලට තේරෙනවා ඇති අපි මේ ලිපි පෙළ සකසන්නෙ බොහොම පිළිවෙලක් ඇතිව. එහෙන් මෙහෙන් අමුණලා නෙමෙයි, මූලිකම තැන ඉඳන් ඉහලට යන විදිහට අනුපිළිවෙලට තමයි අපි ලිපි පළ කරන්නෙ. එහෙම කරන්නෙ, හැමදෙයක් ගැනම හොඳ වැටහීමක් ඔයාලට ලබා දෙන්නයි. ඒ නිසා අද මේ බ්ලොග් අඩවියට අළුතෙන් ආපු කට්ටිය ඉන්නවා නම්, අපි මුලින්ම පළ කරපු "ආයුබෝවන්" ලිපියේ ඉඳන් පිළිවෙලට කියවගෙන එන්න කියල අපි ඉල්ලා සිටිනවා. "අපි ලියපු ලිපි" තීරුවට ගියා නම් ඔයාලට ඒ ලිපි ලැයිස්තුව බලාගන්න පුළුවනි.
කලින් ලිපිය අවසානෙදි සඳහන් කළා වගේම, අද අපි කතා කරන්නෙ ප්‍රථමාධාරකරුවෙකුගේ වගකීම් සහ කාර්යභාරය ගැන.
ප්‍රථමාධාරකරුවෙකුගේ වගකීම් සහ කාර්යභාරය
ගුරුවරයෙකුගේ වගකීම මොකක්ද කියල මම ඔයාගෙන් ඇහුවොත්, මොකක්ද ඔයාල දෙන උත්තරේ? ඉගැන්වීම.. එහෙම නේද? විෂය කරුණු ඉගැන්වීම විතරද ගුරුවරයාගෙ වගකීම? තමන්ගෙ ශිෂ්‍යයාව විෂය දැනුම, කුසලතා, ආකල්ප වලින් පොහොසත් කෙනෙක් බවට පත් කරන එක තමයි ගුරුවරයාගෙ වගකීම. ඔය මම කියපු ටික නිර්වචනයක් විදිහටම ඇති කොහේ හරි. හැබැයි ඉතින් ඒක ගැන මම එච්චර දන්නෙ නෑ. ඔය වගේම වගකීම් සමුදායක් තියෙනවා ප්‍රථමාධාරකරුවෙකුටත්. ප්‍රථමාධාර කියන සමස්ථ ක්‍රියාවලියට, මේ වගකීම් සියල්ල ඇතුලත්. මතක තබා ගැනීමේ පහසුව තකා අපි මේ වගකීම් හය, ඉංග්‍රීසි අකුරු හයකින් නම් කරල SADTAR කියල සඳහන් කරනවා. ඔන්න අද ඉඳන් කවුරුහරි ප්‍රථමාධාරයේ SADTAR කියල කිව්වොත් ඔබට මතක් වෙන්න ඕනෙ, මේ කතා කරන්නෙ ප්‍රථමාධාරකරුවෙකුගේ වගකීම් ගැන කියලා.
S - Safety - ආරක්ෂාව
රිය අනතුරු, කලහකාරී තත්ත්වයන්, බෝම්බ පිපිරීම්, ගිනි ගැනීම්, විෂ වායු ආඝ්‍රාණය වීම් වගේ ඕනෑම අවස්ථාවකදී අපි අදාල ස්ථානයට යන්න කලින් ආරක්ෂාව තහවුරු කරගැනීම ඉතා වැදගත්. ආරක්ෂාව කිව්වම මෙතනදි ප්‍රධාන කාණ්ඩ තුනක් යටතේ ආරක්ෂාව තහවුරු කරගන්න වෙනවා. පළවෙනි එක තමයි ප්‍රථමාධාරකරුගේ ආරක්ෂාව. අනික් අයට උදව් කරන්න කලින් තමුන් බේරිලා ඉන්න එපැයි. උදාහරණයක් විදිහට පහුගිය කාලෙ අපේ රටේ සිදුවෙච්ච බෝම්බ පිපිරීම් වගේ අවාසනාවන්ත සිදුවීම් දිහා බැලුවම අපට පේන දෙයක් තමයි, සෘජුවම බෝම්බය නිසා අනතුරට පත් වුණ ජීවිත ප්‍රමාණයට වඩා වැඩියි ඒක බලන්න ගිහින් අනතුරට පත් වෙච්ච ප්‍රමාණය. තමුන්ට අවදානමක් තියෙද්දි උදව් කරන්න යන්න ගිහින් තමන්ටත් අනතුරක් සිද්ධ වුණොත් එහෙම අර අනතුරේ වැටිල ඉන්න කට්ටියට උදව් කරන්න තියෙන අවස්ථාව නැති වෙනවා. ඒත් එක්කම අපේ ආරක්ෂාව වෙනුවෙන් අපිට අත් මේස්, මුඛ ආවරණ වැනි දෑ පැළඳීම කළ යුතු වෙනවා. ඒත් එක්කම ප්‍රථමාධාර ලබා දීමෙන් පස්සෙ අපේ දෑත් එහෙම හොඳින් පිරිසිදු කරගැනීම ඉතා වැදගත්. නිවැරදිව අත් හෝදන විදිහ දන්නවද? අපි දැනට ලංකාවෙ ප්‍රවර්ධනය කරන්නෙ 6 - Step Hand Washing කියන ක්‍රමය. අපි ලංකාවේ උගන්වන ක්‍රමවේදයට බොහෝ සෙයින් සමාන වීඩියෝ එකක් Youtube එකෙන් හොයාගන්න පුළුවන් වුණා. බලන්නකෝ මේක.
දෙවනුව අවට සිටින අයගේ ආරක්ෂාව. අපි හිතමු කොහේ හරි ගෑස් කාන්දුවක් හෝ විෂ වායු නිකුත් වීමක් වගේ යම් අනතුරක් සිද්ධ වෙනවා කියල. මොකක් හරි කලබැගෑනියක් ඇති වෙච්ච ගමන් අපේ මිනිස්සු කරන්නෙ ගාල කඩාගත්ත වගේ එතෙන්ට දුවන එකනෙ. අන්තිමට හොඳට හිටිය මනුස්සයා නිකන් අහක යන ලෙඩක් බලෙන් දාගෙන ගෙදර එනවා. (ඉස්පිරිතාලෙ යන්නෙ නැතුව ගෙදර එන්න පුළුවන් වුණොත් ඒකත් ලොකු දෙයක් ) ඉතින් ප්‍රථමාධාරකරුවෙක් විදිහට ඔබේ වගකීම තමයි අනතුර ගැන නොදැන එතෙන්ට එන මිනිස්සුන්ව අනතුර ගැන දැනුවත් කරල එයාලගෙ ජීවිත ආරක්ෂා කරන එක. එහෙම නැත්තන් සිද්ධ වෙන්නෙ එයාලත් අනතුරේ ගොදුරක් බවට පත් වෙන එක. මේ අනතුර සම්බන්ධයෙන් පොලිසිය, ගිනි නිවන හමුදාව, ළඟම ඇති රෝහල, ගිලන් රථ ආදි අදාල වගකිව යුතු පාර්ශ්ව දැනුවත් කිරීමත් මීට ඇතුලත්.
තෙවනුව රෝගියාගේ/ රෝගීන්ගේ ආරක්ෂාව. රෝගියාගේ ජීවිතයට අවදානමක් තියෙනවද, බාහිර පරිසරයෙන් වෙන මොකුත් අනතුරු වෙන්න ඉඩ තියෙනවද කියල පරීක්ෂා කරල බලල එහෙම අවදානමක් තියෙනවා නම් ඒ අවදානම අපි ඉවත් කරන්න ඕනෙ. අපි හිතමු විදුලි සැර වැදිච්ච රෝගියෙක් ඉන්නවා කියල. එයා වයර් එක අල්ලගෙන වැටිල ඉන්නවා නම්, එයාගෙ අවදානම තාමත් ඉවත් වෙලා නැහැ. එහෙනම් අපි අනිත් හැමදේටම කලින් ඒ අවදානම ඉවත් කරල ඉන්න ඕනෙ. එහෙම නැතුව අපිට එයා ළඟට ගිහින් අවශ්‍ය ප්‍රථමාධාර ක්‍රියාත්මක කරන්න හැකියාවක් නෑ. හැබැයි රෝගියාගේ අනතුර ඉවත් කරනවා කියල අපි අනතුරේ වැටෙන්න අවශ්‍ය නෑ.
A - Assess - තක්සේරුව
වාහනයක් අනතුරකට පත් වුණාම අපි රක්ෂණ වන්දි ලබාගන්න කලින් වාහනේ වර්තමාන වෙළඳපොල වටිනාකම ගැන තක්සේරුවක් කරනවා නේද? එතනදි කරන්නෙ වාහනේ වර්තමාන වෙළඳපොල වටිනාකමට සාපේක්ෂව, සිදුවෙලා තියෙන අලාභය ගැන දළ අදහසක් ගන්න එක. ඒ විදිහටම ප්‍රථමාධාරයේදී තක්සේරුව කියන එකෙන් අදහස් කරන්නෙ සිදුවෙලා තියෙන අනතුරේ ස්වභාවය ගැන දළ අදහසක් ගන්න එක. අනතුර කොයි විදිහෙ එකක්ද, ඒ ස්ථානයේ තවදුරටත් රෝගීන්ට බලපෑ හැකි අනතුරු තියෙනවද, රෝගීන් කී දෙනෙක් විතර ඉන්නවද, ඉන්නෙ කොයි වර්ගවල රෝගීන් ද, ඔන්න ඔය වගේ කරුණු ගැන ක්ෂණිකව දළ අවබෝධයක් ලබා ගන්න එක රෝගීන්ට ප්‍රථමාධාර ලබා දීමේදී වගේම රෝගීන් ප්‍රවාහනයේදීත් අතිශය වැදගත් වෙනවා.
D - Diagnose - රෝග විනිශ්චය
රෝගියා අසලට යන එක ආරක්ෂිතයි නම්, රෝගියා ළඟට ගිහින් අපි ඊළඟට කරන්නෙ රෝග තත්ත්වය මොකක්ද කියල හඳුනාගන්න එක. රෝග තත්ත්වය මොකක්ද කියල හඳුනාගන්න, රෝග ලක්ෂණ හා නිමිති අපට උපකාර වෙනවා. රෝග ලක්ෂණ කියන්නෙ රෝගියා අපිට පවසන, රෝගියාට දැනෙන, අපි රෝගියාගෙන් අහල දැනගන්න දේවල්. රෝග නිමිති කියල කියන්නෙ නිරීක්ෂණය මගින් ප්‍රථමාධාරකරු හඳුනාගන්න දේවල්. ඉතින් ඒ අනුව අපිට පුළුවන් එයාට සිදු වෙලා තියෙන්නෙ අස්ථි බිඳීමක්ද, තුවාලයක්ද එහෙමත් නැත්තන් වෙනත් ආබාධයක්ද කියල හරියටම නිගමනයකට එන්න.
T - Treat - ප්‍රථමාධාර කිරීම
රෝග විනිශ්චයෙන් පස්සෙ අපි කරන්නෙ ප්‍රමුඛතා අනුපිළිවෙල අනුව ප්‍රථමාධාර ලබා දීම ආරම්භ කරන එක. එහෙම නැතුව ඔබේ යාළුවෙකුත් රෝගීන් අතර ඉන්නවා කියල එයාට නෙමෙයි ඉස්සෙල්ල ප්‍රථමාධාර දෙන්නෙ. මේ ප්‍රමුඛතා අනුපිළිවෙල අපි හදාගන්නෙ රෝගීන්ගේ ස්වභාවය හෝ අසාධ්‍ය තත්ත්වය අනුව. බලන්නකෝ මේ පහල තියෙන රූප සටහන.
අනතුර පිළිබඳව තක්සේරුවක් කිරීම වැදගත් වෙනව කියල කිව්වෙ මෙන්න මේ හේතුව නිසා. එතකොට අපිට කිසිම රෝගියෙක්ව මග හැරෙන්නෙ නෑ. කොයි ආකාරයේ තත්ත්වයක් නිසා වුණත් යම් රෝගියෙක් ජීවිතක්ෂයට පත් වෙද්දි සිහිය නැති වීම, හෘද ස්පන්දනය නතර වීම සහ ස්වසනය නතර වීම සිද්ධ වෙනවා. ඒ නිසා ඒ වගේ අවස්ථා වලදී වහාම ක්‍රියාත්මක වීම වැදගත්. මේ ලැයිස්තුවේ අසාධ්‍ය තත්ත්වය අනුව කියන කොටසේ ඉන්න රෝගීන්ව අපි වහාම ප්‍රථමාධාර ලබා දිය යුතු රෝගීන් කියලත් හඳුන්වනවා. ඒ අතරත් ගැබිණි කාන්තාවන්, දරුවන්, මහල්ලන්, කාන්තාවන්, පිරිමින් ආදී වශයෙන් ප්‍රමුඛතාව හිමි වෙනවා. පැහැදිලියි නේද?
අපි පොඩි උදාහරණයක් ගනිමු. ඔන්න ඔබේ නිවෙස අසල ම, ප්‍රධාන මාර්ගයේ දරුණු රිය අනතුරක් වෙලා තියෙනවා. එතෙන්ට ගියාම ඔයා දකිනවා ප්‍රධාන වශයෙන් රෝගීන් 3 දෙනෙක්. එක රෝගියෙක් යටි ගිරියෙන් කෑ ගහනවා අම්මෝ මම මැරුනෝ කියලා, අනික් රෝගියා වයස අවුරුදු 10 ක විතර දරුවෙක්. එයා හොඳටම බය වෙලා අඬනවා. අනික් රෝගියා කිසිම සද්දයක් නෑ, ලේ පෙරාගෙන වැටිල ඉන්නවා. ඔබ ඉස්සෙල්ලාම ප්‍රථමාධාර ක්‍රියාත්මක කරන්නෙ කාටද? යටි ගිරියෙන් කෑ ගහන එක්කෙනා, කොච්චර අමාරුයි කියල කෑ ගැහුවත් පොඩ්ඩකට එයාව අමතක කරන්න. පොඩි දරුවත් අඬ අඬ ටිකක් හිටපු දෙන්. ඔබ වහාම යන්න ඕනෙ අර කිසිම සද්දයක් නැතිව ඉන්න කෙනා ළඟට. සමහර විට එයාගෙ ස්වසනය නතර වෙලා තියෙන්න පුළුවන්. සිහිය නැති වෙලා ඉන්න එයාගෙ ශරීරයෙන් විශාල වශයෙන් රුධිරය වහනය වෙනවා වෙන්න පුළුවන්. ඔබ වහාම ක්‍රියාත්මක වෙන්න ඕනෙ ඒ ලෙඩා වෙනුවෙන්. ඒ ලෙඩාගේ මූලික විනිශ්චය (මේ මූලික විනිශ්චයෙන් තමයි අපි රෝගියෙක්ට ජීවත් වීමට අත්‍යාවශ්‍ය ජෛව සාධක ලැබෙනවාද කියල පරික්ෂා කරන්නෙ. මේක තමයි ප්‍රථමාධාරයේ වැදගත්ම පාඩම. මේ මූලධර්ම පාඩම අවසන් කළාම අපි මූලික විනිශ්චය ගැන කතා කරමු. ) සිදු කළාට පස්සෙ, එයා ඒකෙන් සමත් නම් අපිට පුළුවන් ඉක්මනින්ම අනික් රෝගීන් වෙත යොමු වෙන්න. පැහැදිලියි නේද?
A - After Care - පශ්චාත් සංරක්ෂණය
මූලික කටයුතු වලින් පස්සෙ ගත යුතු පියවර ගැනයි මේ කියන්නෙ. රෝගියාව වහාම රෝහල් ගත කළ යුතු ද, එහෙම නැත්තන් නිවෙස කරා යැවිය හැකි ද, නිවෙසට ඇරලවන්න ඕනෙද, ප්‍රථමාධාරය ක්‍රියාත්මක කිරීමේදී අපි යම් උපකරණ භාවිතා කළා නම් ඒවා පිරිසිදු කර නැවත තැන්පත් කිරීම වගේ දේවල් මේ යටතට අයිති වෙනවා.
R - Reporting - වාර්තාකරණය
අදාල කටයුතු වලින් පස්සෙ, ප්‍රථමාධාර කළේ කාටද, තිබූ රෝගී තත්ත්වය කුමක්ද, රෝගියාව අපිට හමුවුණේ කවදාද, කොහේදීද, කීයට විතරද, අප ලබාදුන් ප්‍රථමාධාරය කුමක්ද සහ ප්‍රථමාධාර ලබා දීමෙන් පස්සෙ අපි රෝගියාට කළේ කුමක්ද (රෝහල් ගත කළා ද, වගකිව යුතු පාර්ශ්වයකට භාර දුන්නා ද කියන එක ) වගේ දේවල් වාර්තා කර අපි ළඟ තියාගන්න එක ගොඩක් වැදගත්. මොකක් හරි හේතුවක් නිසා නීතිමය ගැටළුවක් ඇති වුණොත් මේ වාර්තාව ඔබට බොහෝ උපකාරී වේවි.
බලන්න, ප්‍රථමාධාරකරුවෙක් කොච්චර ලොකු වගකීමක් ඉෂ්ඨ කරනවද කියලා. ඒක තමයි මම කලින් ලිපියෙදිත් කිව්වෙ, ප්‍රථමාධාරකරුවෙක් කියන්නෙ සම්පතක් කියලා. ඒත් එක්කම මම හිතුවා ප්‍රථමාධාරකරුවෙක් සිහි තබාගත යුතු පොඩි පොඩි කරුණු කාරණා කිහිපයක් ගැනත් ඔයාලව දැනුවත් කරන්න. ඇත්තටම මේවා ප්‍රථමාධාරකරුවෙක්ගෙ සීමාවන් කියල කිව්වත් වැරැද්දක් නෑ.
මෙන්න මේ ටික තරයේම පිළිපැදිය යුතුයි. එහෙම වුණොත් ඔබට අනවශ්‍ය ප්‍රශ්න ඇති වෙන එකක් නෑ. එහෙනම් අදට සමුගන්නයි සූදානම. අද මේ කතා කරපු දේවල් ගැන ඔයාලට ගැටළු මොකුත් එහෙම තියෙනවා නම් පහලින් කොමෙන්ට් කරන්න. ඔබේ යහළුවන් අතරේ මේ දැනුම බෙදා හදා ගන්නත් අමතක කරන්න එපා. ඒක අපිට ලොකු හයියක්. ඊළඟ ලිපියේ ඉඳන් අපේ කතා බහ වෙන් වෙන්නෙ "රෝගී කළමනාකරණ පටිපාටිය" පිළිබඳව ඔයාලව දැනුවත් කරන්න.
එතෙක් ඔබේ අදහස් උදහස්, යෝජනා වලට බ්ලොග් අඩවිය විවෘතයි.

ප්‍රථමාධාරකරුවෙකු සිහි තබා ගත යුතු ස්වර්ණමය රීති
- තමා වෛද්‍යවරයෙකු නොවන බව
- රෝගියාට හානියක් නොකරමි යන අධිෂ්ඨානයෙන් ප්‍රථමාධාර කිරීම
- ප්‍රථමාධාර යනු වෛද්‍යාධාර වෙනුවට දෙන ආධාරයක් නොවන බව
- රෝගියා වෛද්‍යවරයා වෙත පැමිණවූ පසු තම රාජකාරිය අවසන් වන බව
- රෝගියාගේ ආත්ම ගෞරවයට හානියක් නොවන පරිදි කටයුතු කිරීම
මෙන්න මේ ටික තරයේම පිළිපැදිය යුතුයි. එහෙම වුණොත් ඔබට අනවශ්‍ය ප්‍රශ්න ඇති වෙන එකක් නෑ. එහෙනම් අදට සමුගන්නයි සූදානම. අද මේ කතා කරපු දේවල් ගැන ඔයාලට ගැටළු මොකුත් එහෙම තියෙනවා නම් පහලින් කොමෙන්ට් කරන්න. ඔබේ යහළුවන් අතරේ මේ දැනුම බෙදා හදා ගන්නත් අමතක කරන්න එපා. ඒක අපිට ලොකු හයියක්. ඊළඟ ලිපියේ ඉඳන් අපේ කතා බහ වෙන් වෙන්නෙ "රෝගී කළමනාකරණ පටිපාටිය" පිළිබඳව ඔයාලව දැනුවත් කරන්න.
එතෙක් ඔබේ අදහස් උදහස්, යෝජනා වලට බ්ලොග් අඩවිය විවෘතයි.
Comments
Post a Comment