ආයුබෝවන් !

"First Aid for Life - එදිනෙදා දිවියට ප්‍රථමාධාර" බ්ලොග් අඩවියට ඔබ සැම සාදරයෙන් පිලිගන්නවා.

එදිනෙදා ජීවිතයේ වැඩ කටයුතු කරගෙන යද්දි අපිට විවිධාකාරයේ අනතුරු වලට වගේම ලෙඩ රෝග වලටත් මුහුණ දෙන්න සිද්ධ වෙනවා. ඔය අනතුරු වෙන හැම වෙලාවෙම අපි ඉන්නෙ දොස්තර කෙනෙක් ළඟ හරි, ඉස්පිරිතාලයක් ළඟ හරි නෙමෙයිනෙ. ඒ නිසා ඕනම කෙනෙකුට ප්‍රථමාධාර කියන විෂය ගැන යම් අවබෝධයක් තිබීම ගොඩක් වැදගත් වෙනවා. මොකක්ද මේ ප්‍රථමාධාර කියන්නෙ? ප්‍රථමාධාර කියලා අපි මොනවද කරන්නෙ? අපි කරන දේවල් හරියටම හරි ද? ගැටළුවක් ඇති නේද ඔයාලට? සමස්ථයක් විදිහට ලෝකයේ අනික් රටවල් වලට සාපේක්ෂව අපේ රටේ සාමාන්‍ය ජනතාව අතර ප්‍රථමාධාර පිළිබඳව අවබෝධය නම් ටිකක් අඩුයි. අන්න ඒ අඩුපාඩුව ටිකක් හරි පුරවන්න කියලා හිතාගෙන තමයි අපි මේ "First Aid for Life - එදිනෙදා දිවියට ප්‍රථමාධාර" කියන බ්ලොග් එක පටන් ගත්තෙ. ඉදිරියට මේ බ්ලොග් එකේ ලියවෙන ලිපි වල අරමුණ තමයි ප්‍රථමාධාර පිළිබඳව නිවැරදි අවබෝධයක් අපේ පාඨකයින්ට ලබා දෙන එක සහ අවශ්‍ය කුසලතාව ලබා ගන්න මග පෙන්වීම කරන එක. මේ ලිපි පෙල බොහොම විධිමත්ව, හැමෝටම තේරෙන විදිහට විස්තරාත්මකව ලියන්නයි අපේ කල්පනාව. 

කොහොම වුණත් එක දෙයක් කියන්න ඕනෙ ඉස්සෙල්ලාම. ප්‍රථමාධාර කියන්නෙ දැනුම + කුසලතාව. මේ ලිපි පෙලින් ඔයාලට ප්‍රථමාධාර පිළිබඳව ඉතාම නිවැරදි සහ අළුත්ම දැනුම ලබා දෙන බවට අපි සහතික වෙනවා. ඒ නිසා දැනුම ගැන නම් ප්‍රශ්නයක් ඇති වෙන එකක් නැහැ. හැබැයි මේ ලිපි පෙල අධ්‍යයනය කළා කියලා හැමදෙයක්ම සම්පූර්ණ වෙන්නෙ නම් නෑ. මොකද ප්‍රථමාධාර කරන්න නම් ඔබ සතුව කුසලතාව තිබිය යුතුයි. ඉතින් ඔබට ඒ කුසලතාවය ඇති කරගන්න පුළුවන්, ප්‍රථමාධාර  පිළිබඳව පුහුණු කිරීමට බලයලත් ආයතනයක් ළඟට ගිහින්. එහෙම ආයතන කිහිපයක්ම තියෙනවා ලංකාවේ. ඒ ආයතන ගැනත් දැනුවත් කරන්නම් අපි ඉදිරි ලිපි වලදි. 

මම දන්නවා ඔබේ හිතේ දැන් යම් චකිතයක් ඇති "අපි කොහොමද දන්නෙ මෙයාල මේ අපිට දෙන්නෙ නිවැරදි දැනුමද, වගකීමක් තියෙනවද" කියලා. ඔබට එහෙම සැකයක් ඇතිවෙන එක සාධාරණයි. මොකද මේ බ්ලොග් එකේ මාතෘකාව ටිකක් වෙනස්නෙ. වෙබ් අවකාශයේ තියෙන අනික් බ්ලොග් වගේ උත්සාහ කරල බලල වැරදුනත් අවුලක් නැති දෙයක් නෙමෙයිනෙ මේක. හරියට කළොත් බේරගන්නෙ මනුස්ස ජීවිතයක්. වැරදුනොත් නැතිවෙන්නෙත් මනුස්ස ජීවිතයක්.  

මම කිව්වනෙ ප්‍රථමාධාර කියන විෂය සම්බන්ධව කටයුතු කරන ආයතන කිහිපයක්ම තියෙනවා කියල ලංකාවේ. ඒ අතරින් පුරෝගාමී ආයතනයක පළපුරුදු ප්‍රථමාධාර උපදේශකවරු කිහිපදෙනෙක් තමයි මේ ලිපි පෙල සම්පාදනය කරන්නේ. ඒ නිසා මේ ලිපි පෙලේ පලවෙන කරුණු ගැන අපි වග කියනවා. ඒ වගේම ඕනෑම ගැටළු සහගත තැනකදි අපිත් එක්ක සාකච්ඡා කරලා විෂය කරුණු ගැන පැහැදිලි ස්ථාවරයකට එන්නත් ඔබට හැකියාව තියෙනවා.

හොඳයි එහෙනම් ඔයාලට පොඩි කුතුහලයක් ඉතිරි කරලා "First Aid for Life - එදිනෙදා දිවියට ප්‍රථමාධාර" ලිපි මාලාවේ පළමු ලිපිය මම මේ විදිහට අවසන් කරනවා. ඊළඟ ලිපියෙන් අපි ප්‍රථමාධාර කියන විෂය සම්බන්ධව පොඩි හැඳින්වීමකුත් එක්කම ප්‍රථමාධාර විෂයට ලෝකයේ සහ ලංකාවේ තියෙන බලයලත් ආයතන ගැන ඔබව දැනුවත් කරන්න බලාපොරොත්තු වෙනවා. 

ඊළඟ ලිපිය අරගෙන එනකම් ඔන්න දැන් ඔයාලට අවස්ථාව, ඔයාලගේ අදහස් පල කරන්න.

Comments

Popular posts from this blog

ප්‍රථමාධාරයේ අරමුණු සහ ප්‍රථමාධාරකරුවෙකු සතු ගුණාංග

ප්‍රථමාධාර යනු කුමක්ද?

මූලික ජීවිතාරක්ෂක ක්‍රමවේදය - Basic Life Support