Posts

Showing posts with the label Role of a First Aider

ප්‍රථමාධාරකරුවෙකුගේ වගකීම සහ කාර්යභාරය

Image
ආයුබෝවන් ! වාසනාවන්ත දවසක් ඔයාල හැමදෙනාටම. ඔන්න පොරොන්දු වුණා වගේම අදත් අපි ආවා අළුත් ලිපියක් අරගෙන. මේ,  "First Aid for Life - එදිනෙදා දිවියට ප්‍රථමාධාර"  ලිපි මාලාවේ පස්වැන්න. ඔයාලට තේරෙනවා ඇති අපි මේ ලිපි පෙළ සකසන්නෙ බොහොම පිළිවෙලක් ඇතිව. එහෙන් මෙහෙන් අමුණලා නෙමෙයි, මූලිකම තැන ඉඳන් ඉහලට යන විදිහට අනුපිළිවෙලට තමයි අපි ලිපි පළ කරන්නෙ. එහෙම කරන්නෙ, හැමදෙයක් ගැනම හොඳ වැටහීමක් ඔයාලට ලබා දෙන්නයි. ඒ නිසා අද මේ බ්ලොග් අඩවියට අළුතෙන් ආපු කට්ටිය ඉන්නවා නම්, අපි මුලින්ම පළ කරපු  "ආයුබෝවන්"  ලිපියේ ඉඳන් පිළිවෙලට කියවගෙන එන්න කියල අපි ඉල්ලා සිටිනවා. "අපි ලියපු ලිපි" තීරුවට ගියා නම් ඔයාලට ඒ ලිපි ලැයිස්තුව බලාගන්න පුළුවනි. කලින් ලිපිය අවසානෙදි සඳහන් කළා වගේම, අද අපි කතා කරන්නෙ ප්‍රථමාධාරකරුවෙකුගේ වගකීම් සහ කාර්යභාරය ගැන.  ප්‍රථමාධාරකරුවෙකුගේ වගකීම් සහ කාර්යභාරය ගුරුවරයෙකුගේ වගකීම මොකක්ද කියල මම ඔයාගෙන් ඇහුවොත්, මොකක්ද ඔයාල දෙන උත්තරේ? ඉගැන්වීම.. එහෙම නේද? විෂය කරුණු ඉගැන්වීම විතරද ගුරුවරයාගෙ වගකීම? තමන්ගෙ ශිෂ්‍යයාව විෂය දැනුම, කුසලතා, ආකල්ප වලින් පොහො...