Posts

Showing posts with the label Types of Wounds

තුවාල සහ රුධිර වහන කළමනාකරණය

Image
ආයුබෝවන් හැමදෙනාටම! කට්ටියම සනීපෙන් ඉන්නවා නේද? "First Aid for Life - එදිනෙදා ජීවිතයට ප්‍රථමාධාර" ලිපි මාලාවේ දහතුන්වැනි ලිපියයි මේ දිග හැරෙන්නෙ. පසුගිය ලිපියෙන් අපි කතා කළා අපේ රුධිර සංසරණ පද්ධතිය ගැන. අද අපි කතා කරන්න සූදානම් වෙන්නෙ තුවාල සහ රුධිර වහන අවස්ථාවක් කළමනාකරණය කරන්නේ කොහොමද කියන එක ගැන.  තුවාල අපේ ශරීරයේ සෑම ස්ථානයක්ම පටක මගින් එකිනෙක සම්බන්ධ වෙලයි තියෙන්නෙ. ශරීරයේ ඕනෑම ස්ථානයක මේ පටක අතර තියෙන සම්බන්ධතාවය බිඳිම අපි තුවාලයක් කියල හඳුන්වනවා. බොහොමයක් තුවාල අවස්ථා වලදී දැකිය හැකි ලක්ෂණයක් තමයි රුධිරය වහනය වීම. මේ රුධිර වහනය ආකාර දෙකකට වෙන්න පුළුවන්. බාහිර රුධිර වහනය සහ අභ්‍යන්තර රුධිර වහනය තමයි ඒ ආකාර දෙක. බාහිර රුධිර වහනයකදී අපිට තුවාලය පේනවා, තුවාලයේ බරපතලකමත් අපිට තේරුම් ගන්න පුළුවන්. නමුත් අභ්‍යන්තර රුධිර වහනයක් ශරීරය මතුපිටින් දර්ශනය නොවෙන නිසා අපිට තුවාලය කොයි වගේ ද කියන එක ගැන තීරණය කරන්න අමාරුයි. රුධිර නාලයට හානිය සිදු වෙන ආකාරය අනුව අපිට තුවාලත් ප්‍රධාන ආකාර කිහිපයකට වර්ග කරන්න පුළුවන්. කැපුම් තුවාල - Incised Wound ඉරීම් තුව...