Posts

Showing posts with the label Things to do after a flood

ගංවතුරෙන් පස්සෙ මේ ගැනත් හිතන්න...

Image
ආයුබෝවන් හැමදෙනාටම ! පසුගිය දින කිහිපය පුරා ලංකාවේ සෑම ප්‍රදේශයකටම වගේ ඇතිවුණු ධාරානිපාත වර්ෂාවත් සමග, ප්‍රදේශ රැසක ගංවතුර තත්ත්වයක් ඇතිවෙලා තියෙනවා. ඒ වගේම සමහර ප්‍රදේශවල විශාල ජීවිත හානි ප්‍රමාණයක් වාර්තා වෙලා තියෙනවා. අපේ රටේ, අපේම සහෝදර ජනතාව පීඩාවට පත්වෙලා තිබෙන මේ අවස්ථාවේදී බොහෝ පිරිස්, ආයතන, ස්වේච්ඡා සංවිධාන ඒ විපතට පත්වූවන්ට ආධාර උපකාර කරන්න ඇප කැප වී සිටින අවස්ථාවක, ඔබව ඉතාම වැදගත් දෙයක් සම්බන්ධයෙන් දැනුවත් කරන්නයි මේ අපේ සූදානම.  වර්තමානයේ නිරන්තරයෙන් අපිට අත්දකින්නට ලැබෙන ස්වාභාවික ආපදාවන් මේ තරම් දරුණුවට මිනිස්සුන්ට පීඩා ගෙන දෙන්න හේතු වෙලා තියෙන්නෙ අතීතයේ ඔබත් මාත් ඇතුළු අපි සියළු දෙනා පරිසරයට සිදු කළ නොමනාකම් බව සිහිපත් කරන්න කැමතියි. ඒ නොමනාකම් වලට අපි අද ඇතැම්විට ජීවිතවලින් පවා වන්දි ගෙවනවා. කොහොම නමුත් මේ වනවිට අපේ රටට බලපෑ අයහපත් කාලගුණික තත්ත්වය ක්‍රමයෙන් පහව යන ලකුණු පෙනෙන්නට තියෙනවා. ඒ අනුව, තව කිහිප දිනකින් වතුර බැහැල ගිහින් ගංවතුර තත්ත්වයත් පහව යයි. ගංවතුර තත්ත්වය පහව යනවත් එක්කම, අපි තවත් ලොකු අවදානමකට නිරාවරණය වෙනවා කියල නිකමටවත් හිතුණ ද?  වතුර ග...