Posts

Showing posts with the label Learn First Aid

මූලික විනිශ්චය - Primary Survey

Image
ආයුබෝවන් ! හැමෝම සනීපෙන් ඉන්නවා නේද? ගමින් ගම, දොරින් දොර ප්‍රථමාධාර දැනුම බෙදා දෙන අපේ ගමනේ තවත් අළුත් ලිපියක් අරගෙන ඔන්න අපි අදත් ආවා. පහුගිය ලිපියෙන් අපි කතා කළා  "රෝගී කළමනාකරණ පටිපාටිය"  පිළිබඳව. මතකයිද මොකක්ද කියලා? සරලව කිව්වොත් අපිට යම් රෝගියෙක් හමුවුණාට පස්සෙ රෝගියා රෝහල්ගත කරන තෙක් ප්‍රථමාධාරකරුවෙක් අනුගමනය කරන සම්පූර්ණ ක්‍රියා පිළිවෙත තමයි රෝගී කළමනාකරණ පටිපාටිය කියල කියන්නෙ. මේ දිග හැරෙන්නෙ  "First Aid for Life - එදිනෙදා දිවියට ප්‍රථමාධාර"  ලිපි මාලාවේ හත්වැනි ලිපිය. අද අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නෙ "මූලික විනිශ්චය" කියන, ප්‍රථමාධාරයේ එන අතිශය වැදගත් පාඩමක් ගැන. ආරම්භයේදීම මම ඔබෙන් පුංචි ප්‍රශ්නයක් අහන්නම්. මනුස්සයෙකුට ජීවත් වීම සඳහා අත්‍යාවශ්‍ය සාධක මොනවාද? වාතය? ජලය? ආහාර? ඇඳුම්? ඉන්න ගෙයක්? ඇයි අප්පේ කසාදයක්??  බලන්නකෝ මේ රූප සටහන දිහා. මොකක්ද මේ තියෙන්නෙ කියල හිතාගන්න පුළුවන්නෙ නේද? මේ තියෙන්නෙ අපේ ගෙදර වතුර ලබාගන්න විදිහ. වතුර ඕනෙ තරම් තියෙනවා ළිඳේ. ළිඳෙන් හැම වෙලාවෙම වතුර ඇද ඇද ඉන්න එක කරදර නිසා අපි තීරණය කළා නළ ජල...