ආයුබෝවන් !
"First Aid for Life - එදිනෙදා දිවියට ප්‍රථමාධාර" බ්ලොග් අඩවියට ඔබ සැම සාදරයෙන් පිලිගන්නවා. එදිනෙදා ජීවිතයේ වැඩ කටයුතු කරගෙන යද්දි අපිට විවිධාකාරයේ අනතුරු වලට වගේම ලෙඩ රෝග වලටත් මුහුණ දෙන්න සිද්ධ වෙනවා. ඔය අනතුරු වෙන හැම වෙලාවෙම අපි ඉන්නෙ දොස්තර කෙනෙක් ළඟ හරි, ඉස්පිරිතාලයක් ළඟ හරි නෙමෙයිනෙ. ඒ නිසා ඕනම කෙනෙකුට ප්‍රථමාධාර කියන විෂය ගැන යම් අවබෝධයක් තිබීම ගොඩක් වැදගත් වෙනවා. මොකක්ද මේ ප්‍රථමාධාර කියන්නෙ? ප්‍රථමාධාර කියලා අපි මොනවද කරන්නෙ? අපි කරන දේවල් හරියටම හරි ද? ගැටළුවක් ඇති නේද ඔයාලට? සමස්ථයක් විදිහට ලෝකයේ අනික් රටවල් වලට සාපේක්ෂව අපේ රටේ සාමාන්‍ය ජනතාව අතර ප්‍රථමාධාර පිළිබඳව අවබෝධය නම් ටිකක් අඩුයි. අන්න ඒ අඩුපාඩුව ටිකක් හරි පුරවන්න කියලා හිතාගෙන තමයි අපි මේ "First Aid for Life - එදිනෙදා දිවියට ප්‍රථමාධාර" කියන බ්ලොග් එක පටන් ගත්තෙ. ඉදිරියට මේ බ්ලොග් එකේ ලියවෙන ලිපි වල අරමුණ තමයි ප්‍රථමාධාර පිළිබඳව නිවැරදි අවබෝධයක් අපේ පාඨකයින්ට ලබා දෙන එක සහ අවශ්‍ය කුසලතාව ලබා ගන්න මග පෙන්වීම කරන එක. මේ ලිපි පෙල බොහොම විධිමත්ව, හැමෝටම තේරෙන විදිහට විස්තරාත්මක...