කම්පනය - Shock
ආයුබෝවන් හැමෝටම! කට්ටියම සැපෙන් සහ සුවෙන් ඇති කියල විශ්වාස කරනවා. මේ දිග හැරෙන්නේ " First Aid for Life - එදිනෙදා ජීවිතයට ප්‍රථමාධාර" ලිපි මාලාවේ පහලොස්වැනි ලිපිය. පසුගිය ලිපියෙන් අපි කතා කලේ තුවාල සහ රුධිර වහන කළමනාකරණය පිළිබඳව. අද අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නෙ, ඉහත ලිපියෙදි අපිට හමුවුණු එක් වැදගත් අවස්ථාවක්, එනම් "කම්පනය - Shock" කියන රෝගී අවස්ථාව ගැන. මොළයට අවශ්‍ය ඔක්සිජන් සහ ග්ලූකෝස් සහිත රුධිරය නොලැබී යාම නිසා ඇතිවන තත්ත්වය අපි "කම්පනය" ලෙස හඳුන්වනවා. මෙය ඉතාම බරපතල, මරණයෙන් කෙළවර විය හැකි තත්ත්වයක්. රෝගියෙකුට කම්පන තත්ත්වයක් ඇති වෙන්න නම් ප්‍රධාන සාධක දෙකක් බලපාන්න පුළුවන්. 1. හෘදයට රුධිරය පොම්ප කළ නොහැකි වීම. 2. සංසරණය කරවීමට තරම් රුධිරය සිරුර තුළ නොමැති වීම. හේතුව කුමක් වුවත් කම්පන තත්ත්වයකට අවසාන සාධකය වෙන්නෙ ඉහත ක්‍රියාවලි දෙකෙන් එකකට හෝ බාධා වෙන එක. එතකොට අධික රුධිර වහන තත්ත්වයකදී සිදු වෙන්නෙ සිරුරෙන් රුධිරය අධිකව ඉවත් වීම නිසා, සංසරණය කරවීමට තරම් ප්‍රමාණවත් රුධිරය සිරුරේ නොමැති වීම. මොළයට රුධිරය සැපයීම නිසි පරිදි සිදු නොවුනො...