ද්විතියික විනිශ්චය - Secondary Survey
ආයුබෝවන් ! හැමෝම සැපෙන් සනීපෙන් ඉන්නවා ඇති කියල විශ්වාස කරනවා. විවිධ මාතෘකා පිළිබඳව විවිධ ආකාරයෙන් කතා බහට ලක්වෙන වෙබ් අවකාශයේ තියෙන වෙබ් අඩවි, බ්ලොග් අඩවි දහස් ගාණක් අතරේ අපේ මේ බ්ලොග් එක ටිකක් විශේෂයි. මේකෙන් අපි අන්තර්ජාලය හරහා මුදල් උපයන හැටි නෙමෙයි කියල දෙන්නෙ. ව්‍යාපාරයක් පටන් ගන්න හැටි වත්, මාර්කටින් කරන හැටි ගැනවත් නෙමෙයි ඔබව දැනුවත් කරන්න උත්සාහ කරන්නෙ. සමහර විට ඒ නිසා වෙන්න ඇති අපේ බ්ලොග් එකට එච්චර ප්‍රතිචාර නැත්තෙත්. ඇයි ඉතින් මේක බැලුවා කියල සාක්කුවට කීයක්වත් වැටෙන්නෙ නෑනෙ. වෙන මොන මොනවාහරි සිංහලෙන් තියෙන බ්ලොග් අඩවි හොය හොයා යන අතරේ අහම්බෙන්වත් අපේ බ්ලොග් එක දැකලා ඒ දකින දේකින් ජීවිතේ යම් දවසක ප්‍රයෝජනයක් ගන්න ලැබුණොත්, එයයි අපේ සාර්ථකත්වය. අද මේ දිග හැරෙන්නෙ "First Aid for Life - එදිනෙදා ජීවිතයට ප්‍රථමාධාර " ලිපි මාලාවේ එකොළොස්වැනි ලිපිය. මීට කලින් ලිපියෙදි අපි කතා කළේ ආරක්ෂිත ඉරියව්ව පිළිබඳව. අද මේ බ්ලොග් අඩවියට ඉස්සෙල්ලාම ආපු කෙනෙක් නම්, අපි ආරාධනා කරනවා මුල ඉඳන් පළවුණු ලිපි ටිකත් කියවගෙන එන්න කියල. මොකද අපේ මේ ලිපි පෙළ දිග හැරෙන්නෙ ඉතාම...