මූලික ජීවිතාරක්ෂක ක්‍රමවේදය 2 - Basic Life Support 2
ආයුබෝවන් හැමෝටම ! සනීපෙන් ඉන්නවා නේ කට්ටියම? දවස් කිහිපයකට පස්සෙ ඔන්න අද අපි අළුත් ලිපියක් අරගෙන ආවා. පහුගිය ලිපියෙන් අපි කතා කළේ මූලික විනිශ්චය, එහෙමත් නැත්තන් DRABC ක්‍රියාත්මක කරන ආකාරය පිළිබඳව. අද අපි මේ ලිපියෙන් කතා කරන්න බලාපොරොත්තු වෙන්නෙ මූලික ජීවිතාරක්ෂක ක්‍රමවේදය ක්‍රියාත්මක කරන ආකාරය පිළිබඳව. අපි මේකට කෙටියෙන් CPR කියලත් කියනවා.
මතකයිනෙ අපි කලින් කතා කරපු DRABC කියන පාඩම? අනතුර හඳුනා ගැනීම, ප්‍රතිචාර පරික්ෂාව, ස්වසන මාර්ගය විවෘත කිරීම, ස්වසනය පරික්ෂා කිරීම සහ රුධිර සංසරණය පරික්ෂා කිරීම / කෘතිම පපු තෙරපුම ලබා දීම කියන අදියර පහ තමයි මූලික විනිශ්චය එහෙම නැත්තන් DRABC කියන්නෙ. මෙන්න මෙතන ස්වසනය පරික්ෂා කරන අදියරෙන් පස්සෙ අපිට ලැබෙන්නෙ ප්‍රතිඵල දෙකයි. එක්කො රෝගියා ස්වසනය කරනවා, එහෙම නැත්තන් රෝගියා ස්වසනය කරන්නෙ නෑ. ඒ ලැබෙන ප්‍රතිඵලය අනුවත්, අපිට කරන්න පුළුවන් දේවල් ප්‍රධාන වශයෙන්ම දෙකයි තියෙන්නෙ. රෝගියා ස්වසනය කරනවා නම්, ආරක්ෂිත ඉරියව්වට හරවා රෝහල්ගත කරනවා. රෝගියා ස්වසනය කරන්නෙ නැත්තන්, කෘතිම පපු තෙරපුම ලබා දෙමින් රෝහල්ගත කරනවා. ස්වසන පරික්ෂාවෙන් පස්සෙ අපි මේ සිදු කරන කෘතිම පපු තෙරපුම ලබා දීම හෝ ආරක්ෂිත ඉරියව්වට හරවා රෝහල්ගත කිරීම කියන අවස්ථා දෙකට අපි පොදුවේ "මූලික ජීවිතාරක්ෂක ක්‍රමවේදය" කියල කියනවා. පැහැදිලියි නේ?
ඉතින් අද අපි මූලික වශයෙන්ම කතා කරන්න බලාපොරොත්තු වෙන්නෙ මේ අවස්ථා දෙකෙන්, ස්වසනය නොකරන රෝගියෙකුට ලබා දෙන ප්‍රථමාධාරය පිළිබඳවයි.
හෘත් පෙණහැලි ප්‍රති ප්‍රබෝදනය - Cardio Pulmonary Resuscitation - CPR
උඩ තියෙන මාතෘකාව දිහා බලපුවම නිකන් ඉවෙන් වගේ දැනෙනවා නේද මොකක්ද මෙතනදි කෙරෙන්නෙ කියලා? හෘදය සහ පෙණහැලි නැවත යථා තත්ත්වයට පත් කිරීම.. එහෙම නේද? අපිට හමුවෙලා තියෙන්නෙ ස්වසනය නොකරන රෝගියෙක්. මූලික විනිශ්චය පාඩමේදි අපි කිව්වා ස්වසනය සහ රුධිර සංසරණය අතර ප්‍රබල බැඳීමක් තියෙනවා කියල. එකක් නැවතුනොත් අනිකත් නවතිනවාමයි. එහෙනම් ප්‍රථමාධාරකරුවෙක් විදිහට අපේ මූලික අරමුණ විය යුත්තේ රෝගියාගේ ජීවිතය බේරා ගැනීම. ජීවිතය බේරා ගැනීම සඳහා මෙතනදී පළමුවෙන්ම කළ යුත්තේ රෝගියාගේ නතර වෙලා තියෙන ස්වසනය සහ රුධිර සංසරණය යථාවත් කිරීම. ඒ මොකද, ස්වසනය හෝ හෘදය නතර වෙලා මොළයට රුධිර සැපයුම නතර වුණොත් රෝගියා මිය යනවා. ඔක්සිජන් සහිත රුධිරය නොමැතිව මොළයේ සෛල වලට පවතින්න පුළුවන් වෙන්නෙ විනාඩි 3ක් වගේ බොහොම කෙටි කාලයක්. ඉන් පස්සෙ මොළයේ සෛල මැරෙන්න ගන්නවා. මොනයම් හෝ හේතුවක් නිසා මොළයේ යම් කොටසක සෛල මිය ගියොත් ඒවා යථා තත්ත්වයට පත් කරන්න බෑ කියල ඔයාල දන්නවනේ. රෝගියා තනියම ස්වසනය සහ රුධිර සංසරණය සිදු නොකරන නිසා අපිට සිදු වෙනවා බාහිරව යොදන යම් බලයක් මගින් ස්වසනය සහ රුධිර සංසරණය සිදු කරවන්න. අන්න ඒක තමයි අපි CPR කියල කරන්නෙ. මේ CPR කියන ක්‍රියාවලියේදී අපි ප්‍රධාන ක්‍රියාකාරකම් දෙකක් සිදු කරනවා.
1. රෝගියා තනියෙන් හුස්ම නොගන්න නිසා අපි එයාට කෘතිමව හුස්ම දෙනවා.
2. රෝගියාගේ රුධිර සංසරණය සිදු නොවෙන නිසා අපි කෘතිමව රුධිර සංසරණය සිදු කරලා ඔක්සිජන් සහිත රුධිරය මොළය වෙත යොමු කරවනවා.
අපේ සිරුරේ හෘදය පිහිටල තියෙන්නෙ උරස් කුහරයේ, පෙණහැලි දෙක අතරමැද වම් පැත්තට ටිකක් බර වෙලා. කලාතුරකින් කෙනෙක්ගෙ තමයි මේ පිහිටීම වෙනස් වෙන්නෙ. මනුස්සයෙක් ඉපදුණු වෙලාවෙ ඉඳලා ජීවිත රඟමඬලෙන් සමුගන්නකම් අපේ මේ හෘදය වෙහෙස නොබලා අනුපමේය මෙහෙයක් ඉටු කරනවා. ඒකනෙ අපි හෘදය වස්තුව කියන්නෙ. (වෙන කාට වස්තුව කිව්වත් හෘදය තරම් වස්තුවක් නම් ලොවෙත් නෑ ) සාමාන්‍ය තත්ත්ව වලදී මොළයෙන් ලබා දෙන විධාන මත, මේ හෘදය ස්පන්දනය වෙමින් ශරීරය පුරා රුධිර ගමනාගමනයට අවශ්‍ය බලය සපයනවා. නමුත් කුමක් හෝ හේතුවක් නිසා හෘදය ස්පන්දනය වීම නතර වුණොත්, මොළය ඇතුළු ශරීරයේ සියළුම අවයව පද්ධති වලට රුධිරය සැපයීම අඩාල වෙනවා. ඒ නිසා හැකි ඉක්මනින් මොළයට අවශ්‍යවන ඔක්සිජන් සහිත රුධිරය සැපයුම යථා තත්ත්වයට පත් කරන්න අපිට සිදු වෙනවා. ස්පොන්ජ් කෑල්ලකට වතුර උරල තියෙද්දි අපි ඒක මිරිකුවොත් මොකද වෙන්නෙ? ඒ උරපු වතුර ටික ඉවතට යනව නේද? අන්න ඒ වගේ මේ අවස්ථාවේදී අපි කරන්නෙ, අපේ අත් වලින් හෘදය තෙරපීමකට ලක් කරල, හෘදය ඇතුළේ තියෙන රුධිරය හෘදයෙන් ඉවතට තල්ලු කරල රුධිර සංසරණය කෘතිමව සිදු කරන එක.
පපු තෙරපුම ලබා දීම

ලිපි දෙකකින් කතා කළාට, මේ DRABC සහ CPR කියන්නෙ එක දිගට සිදු කරන ක්‍රියාවලියක්. අපි දැන් ඉන්නෙ රෝගියාගේ දකුණු පැත්තෙන්, උරහිස අසලින් දණ ගහගෙන. අපි මේ සූදානම් වෙන්නෙ රෝගියාට කෘතිම පපු තෙරපුම සහ ස්වසනය ලබා දෙන්න. කොහොමද අපි පපු තෙරපුම ලබා දෙන්නෙ? අපි ඉස්සෙල්ලාම කරන්න ඕනෙ, පපු තෙරපුම ලබා දීම සඳහා දෙ අත් ස්ථානගත කිරීම. බලන්නකෝ මේ රූප සටහන දිහා.
අපි ඇත්තටම මෙතන කරන්නෙ පපු අස්ථියේ මධ්‍යස්ථ කෙළවර පහළට තෙරපීම මගින්, හෘදය තෙරපීමකට ලක් කරලා හෘදය ඇතුලෙ තියෙන රුධිරය ඉවතට තල්ලු කරන එක. අපි තෙරපනකොට රුධිරය රුධිර නාල දිගේ හෘදයෙන් ඉවතට තල්ලු වෙනවා. අපි තෙරපීම ලිහිල් කළාම නැවතත් හෘදය රුධිරයෙන් පිරෙනවා. ආපහු තෙරපනකොට ඒ පිරුණු රුධිරය ඉවතට තල්ලු වෙලා යනවා. පැහැදිලියි නේද? පපු අස්ථියේ මධ්‍යස්ථ කෙළවර අපිට ඔය රූපයේ තියෙන ආකාරයට සොයාගන්න පුළුවන්. ඊට පස්සෙ අපි අපේ හුරු අත, පපු අස්ථියේ මධ්‍යස්ථ කෙළවරින් තියලා, අනිත් අත හුරු අත උඩින් තියල ලොක් කරගන්නවා. බලන්නකො පහළ තියෙන රූපය.. ඒකෙ තියෙනවා අපි දෙ අත් ස්ථානගත කරන ආකාරය.
ඊට පස්සෙ අපි රෝගියා දෙසට නැඹුරු වෙලා, අපේ දෙ අත් මගින් රෝගියාගේ පපු අස්ථියේ මධ්‍යස්ථ කෙළවර පහළට තෙරපනවා. මෙතනදි අපේ දෙ අත් සෘජු ව තබා ගත යුතු යි. බලන්නකෝ මේ රූපය.
ඉරියව්ව පැහැදිලියි නේද ඔයාලට? මේ ආකාරයට අපි රෝගියාගේ පපු උසෙන් 1/3 ක ගැඹුරට, විනාඩියට වාර 100ක වේගයෙන් වාර 30 ක් පපුව තෙරපනවා. ඇත්තටම මේ පපුව තෙරපීමෙන් වෙන්නෙ මොකක්ද කියල ඔයාලට තේරෙයි මේ විඩියෝ එක බැලුවම.
අපි කොච්චර පපුව තෙරපමින් මොළයට රුධිර සැපයුම පවත්වා ගත්තත් වැඩක් නෑ අපි සපයන රුධිරයේ යහමින් ඔක්සිජන් නැත්තන්. ඒ නිසා පපුව තෙරපමින් රුධිර සංසරණය පවත්වා ගන්න අතරම රෝගියාට අවශ්‍ය කරන ඔක්සිජන් ප්‍රමාණය ලබා දීමත් අතිශය වැදගත්. රෝගියෙකුට කෘතිමව ස්වසනය ලබා දිය හැකි ආකාර 3ක් තිබෙනවා.
1. මුවට මුව තබා
2. නාසයට මුව තබා
3. නාසය සහ මුවට මුව තබා
සාමාන්‍ය ක්‍රමය තමයි මුවට මුව තබා ස්වසන වාර ලබා දීම. නමුත් මුඛය තුවාල වී ඇති විටෙක හෝ වස විස තැවරී ඇතැයි සැක කරන විට අපිට පුළුවන් මුඛය වසා, නාසයට මුව තබා ස්වසන වාර ලබා දෙන්න. ළදරුවන්ගේ කටයි නහයයි හරිම පුංචියිනේ. ඉතින් එයාගෙ කටට අපි කට තිබ්බම කොහොමත් එයාගෙ නහය වැහෙනවා. ඒ නිසා අපි එයාගෙ නහයයි කටයි දෙකම වැහෙන විදිහට අපේ කට තියල හුස්ම වාර ලබා දෙනවා. කොහොමද ස්වසන වාර ලබා දෙන්නෙ?
පපු තෙරපුම් වාර 30 ලබා දීල අවසන් වුණ වහාම අපි රෝගියාගේ ස්වසන මාර්ගය විවෘත කරලා, රෝගියාගේ නළල මත තියෙන අපේ අතේ ඇඟිලි දෙකකින් රෝගියාගේ නාසය වහනවා. ඊට පස්සෙ ගැඹුරු හුස්මක් අරගෙන, රෝගියාගේ මුවට අපේ මුව තියලා ස්වසන වාරය ලබා දෙනවා. ඉන් පස්සෙ නැවතත් ගැඹුරු හුස්මක් අරගෙන දෙවන ස්වසන වාරය ලබා දෙනවා. මේ ආකාරයට සෑම පපු තෙරපුම් වාර 30කටම ස්වසන වාර 2ක් අපි ලබා දෙනවා. පැහැදිලියි නේද? මේ කියපු පපු තෙරපුම් වාර 30 සහ ස්වසන වාර 2 ලබා දෙන්නෙ කොහොමද කියල ඔයාලට තවදුරටත් පැහැදිලි වෙයි මේ විඩියෝ එක බැලුවම.
(අපි කිව්වා CPR ලබා දීමේදී හැකි සෑම අවස්ථාවකදීම ප්‍රථමාධාරකරු රෝගියාගේ දකුණු පසින් සිටිය යුතුයි කියලා. ඒකට හේතුව තමයි අපේ හෘදය උරස් කුහරයේ වම් පැත්තට මඳක් බර ව පිහිටා තිබීම. එතකොට අපි දකුණු පැත්තෙ ඉඳන් පපුව තෙරපද්දි තමයි උපරිම කාර්යක්ෂමතාවයෙන් තෙරපීම ලබා දෙන්න පුළුවන්. නමුත් අපිට රෝගියාගේ දකුණු පැත්තෙන් ළඟා වෙන්න බැරි මොකක් හරි ගැටළුවක් තියෙනවා නම් වම් පැත්තේ ඉඳන් CPR ක්‍රියාත්මක කළා කියල වරදක් නෑ. මේ විඩියෝ එකෙත් ප්‍රථමාධාරකරු ඉන්නෙ රෝගියාගෙ වම් පසින්.)
පපු තෙරපුම් වාර 30 ලබා දුන්නට පස්සෙ නැවතත් ස්වසන වාර දෙකක් ලබා දෙනවා. ආයෙමත් පපු තෙරපුම් වාර 30 යි ස්වසන වාර දෙකයි. ඔය විදිහට කොච්චර වෙලා කරන්න ඕනෙද? හොඳට මතක තියාගන්න. CPR දෙන්න පටන් ගත්තට පස්සෙ එක්කෝ රෝගියා තනියම හුස්ම ගන්න තුරු, එහෙමත් නැත්තන් රෝගියාට වෛද්‍යාධාර ලබා දෙන තුරු දිගටම CPR ක්‍රියාත්මක කරන්න ඕනෙ.
හරි.. ඔය තියෙන්නෙ සාමාන්‍යයෙන් අපි CPR ක්‍රියාත්මක කරන විදිහ. සාමාන්‍ය අවස්ථා වලදී අපි CPR ආරම්භ කරන්නෙ පපු තෙරපුම් වාර 30 කින්. ඉන් පස්සෙ තමයි ස්වසන වාර 2 ලබා දෙන්නෙ. නමුත් මේක වෙනස් වෙන විශේෂ අවස්ථාවක් තියෙනවා.
ජලයේ ගිලිලා ඉඳලා ගොඩ ගත්ත රෝගියෙක් ස්වසනය කරන්නෙ නෑ කියල කියන්නෙ, අපිට නිගමනය කරන්න සිදු වෙනවා මේ රෝගියා සැළකිය යුතු වේලාවක් ජලයේ ගිලී ඉඳල තියෙනවා කියලා. ජලයේ දියවෙලා තියෙන ඔක්සිජන් උරා ගන්න අපිට කරමල් නෑනෙ මාළුන්ට වගේ. එහෙනම්, ජලයේ ගිලිල හිටපු සම්පූර්ණ කාලය තුළදීම මේ රෝගියාගේ ශරීරයට ඔක්සිජන් ඇතුල් වෙලත් නෑ.. එහෙම නේද? එහෙනම්, පපුව තෙරපල මොළයට රුධිරය තල්ලු කළා කියල වැඩක් තියෙනවද ඔක්සිජන් නැත්තන්? අන්න ඒ නිසා ජලයේ ගිලිල ඉඳල ගොඩගත් රෝගියෙක්ට පපු තෙරපුම් වාර 30 ලබා දෙන්න කලින් අපි ස්වසන වාර පහක් (05) ලබා දෙනවා. ඉන් පස්සෙ පපු තෙරපුම් වාර 30 යි, ස්වසන වාර 02 විදිහට සුපුරුදු චක්‍රය ක්‍රියාත්මක කරනවා.
ළදරුවන් සහ දරුවන්ගේ ( දරුවන් කියල අපි ප්‍රථමාධාරයේ හඳුන්වන්නෙ වයස අවුරුදු 1 - 14 ත් අතර ළමයින්. ළදරුවන් විදිහට සළකන්නෙ වයස අවුරුද්දට අඩු අය. වයස අවුරුදු 14 ට වැඩි අය වැඩිහිටියන් යටතට තමයි ගැනෙන්නෙ.) ශරීර ප්‍රමාණය කුඩා නිසා එක් ස්වසන වාරයකදී සිරුර තුළට ඇතුල් කරගන්න ඔක්සිජන් පරිමාවත් වැඩිහිටියෙකුට සාපේක්ෂව අඩුයි. ඒ නිසා අපි දරුවන් සහ ළදරුවන්ටත් CPR ආරම්භ කරන්නෙ ස්වසන වාර 5 කින්. ඉන් පස්සෙ සුපුරුදු 30 : 2 චක්‍රය. පැහැදිලියි නේද?
ඒ වගේම වැඩිහිටියෙකුට පපු තෙරපුම ලබා දීමේදි අපි අත් දෙකම ඒ සඳහා පාවිච්චි කරනවා. ළමයින් සඳහා එක අතකුත්, ළදරුවන් සඳහා ඇඟිළි දෙකකුත් පාවිච්චි කරනවා. ළදරුවෙකුට CPR ලබා දීමේදි අපිට ළදරුවා අපේ එක අතක් සහ කකුල උඩ රඳවා ගෙන CPR ලබා දෙන්න පුළුවන්. එහෙමත් නැත්තන් බබාව මේසයක් උඩ වගේ තියලත් පුළුවන්.
වැඩිහිටි, ළමා සහ ළදරුවන් අතර මේ CPR ක්‍රියාත්මක කරන ආකාරයේ පොඩි පොඩි වෙනස්කම් ටිකක් තියෙනවා. ඒ තොරතුරු ටික පහළ රූප සටහනේ තියෙනවා.
ඔයාලට මතකද මම අපේ පළවෙනි ලිපියෙදිම කිව්වා මේ ලිපි පෙළ හරහා අපිට දෙන්න පුළුවන් දැනුම විතරයි, පුහුණුව ලබා ගන්න නම් අදාල පිළිගත් ආයතනයකට ගිහින් ඒ අදාල පාඨමාලාවන් සම්පූර්ණ කරන්න ඕනෙ කියල. දැන් ඔයාලට තේරෙනව ඇති මම එදා කියපු දේ. පපු තෙරපුම දෙන්නෙ මෙහෙමයි, ස්වසන වාර දෙන්නෙ මෙහෙමයි කියල කිව්වට වඩා ලොකු අවබෝධයක් ගන්න පුළුවන් ප්‍රායෝගික පුහුණු වැඩමුළුවකට සහභාගි වුණාම. ඒ නිසා මම නැවතත් අවධාරණය කරනවා, හොඳ ප්‍රථමාධාරකරුවෙක් වෙන්න නම් විධිමත් පුහුණුව අත්‍යාවශ්‍ය යි. මොකද මේ කරන හැම ක්‍රියාකාරකමකදීම, ප්‍රථමාධාරකරු ඉඳගන්න විදිහේ පවා ක්‍රමයක් තියෙනවා සහ එහෙම කරන්න හේතුවක් තියෙනවා. ඒ නිසා විධිමත් පුහුණුවක් ලබා ගැනීම ඉතා ම වැදගත්.
එහෙනම් අද දවසේ ලිපිය අවසන් කරන්නයි සූදානම් වෙන්නෙ. මේ ලිපියෙ කතා කරපු කරුණු සම්බන්ධව නම් වැඩිදුරටත් පැහැදිලි කරගත යුතු තැන් ඇති ඔයාලට. ඒවා ඔක්කෝම පහළින් කොමෙන්ට් කරන්නකො. අපි සූදානම් අවශ්‍ය තැනක් තියේ නම් පැහැදිලි කරල දෙන්න. ඒ වගේම ලිපි පෙළ ගැන ඔබේ අදහස් දැනගන්නත් අපි කැමැතියි.
ලබන සතියෙ අපි කතා කරන්නෙ "ආරක්ෂිත ඉරියව්ව" පිළිබඳව. එහෙනම් ගිහින් එන්නම්. සුබ දවසක් !

ස්වසන වාර ලබාදීම

දියේ ගිලී ගොඩ ගත් රෝගීන් සහ දරුවන්/ ළදරුවන්

ගොඩාක් වටින ලිපියක්....සිරුර අභ්‍යන්තර රුධිර වහනය පිළිබදව ලිපියක් එකතු කරන්න පුලුවන් ද?
ReplyDelete👍👍👍
ReplyDelete