Posts

ප්‍රථමාධාර යනු කුමක්ද?

Image
ආයුබෝවන් ! කොහොමද කට්ටිය හොඳින් නේද? පොරොන්දු වුණා වගේම ඔන්න අදත් අපි ආවා අළුත් ලිපියක් අරගෙන. මේ,  "First Aid for Life - එදිනෙදා දිවියට ප්‍රථමාධාර"  ලිපි මාලාවේ තුන්වැන්න. අද අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නෙ ප්‍රථමාධාර කියන්නෙ මොකක්ද? කියන මාතෘකාව සම්බන්ධයෙන්.  කලින් ලිපියෙදි  අපි කිව්වා තුන්වැනි ලිපියෙන් අපි කතා කරන්නෙ ප්‍රථමාධාර යනු කුමක්ද? ප්‍රථමාධාරකරුවෙකුගේ වගකීම මොකක්ද යන කරුණු ගැන කියලා. නමුත් මේ ලිපියත් සෑහෙන්න දිගයි කියල හිතුණු නිසා අපි තීරණය කළා ප්‍රථමාධාරකරුවෙකුගේ වගකීම සහ කාර්යභාරය ගැන ඉදිරි ලිපි වලින් කතා කරන්න.  පහුගිය ලිපි වලදි අපි කලේ වටපිටාව ගොඩනගපු එක. අද ඉඳන් අපි ටිකෙන් ටික ප්‍රථමාධාර කියන විෂය තුළ ගැඹුරට ගමන් කරනවා. ඒ අනුව මේ ලිපිය සහ ඉදිරි ලිපි 2 හෝ 3 වෙන් වෙන්නෙ ප්‍රථමාධාරයේ මූලධර්ම පිළිබඳ සාකච්ඡා කරන්න. ප්‍රථමාධාර යනු කුමක්ද? ප්‍රථමාධාර කියන වචනෙ අහපු ගමන්ම ඔයාලගෙ හිතට එන්නෙ මොකක්ද? "ඉස්සෙල්ලාම දෙන ආධාරය ප්‍රථමාධාර" වගේ දෙයක්ද? එහෙමත් නැත්තන් "අනතුරක් සිදුවුණ වෙලාවක ලබාදෙන ආධාරය" වගේ දෙයක්ද? ඔය කියපු හැම කතාවක...

ලෝකයේ සහ ලංකාවේ ප්‍රථමාධාර සම්බන්ධ ආයතන

Image
ආයුබෝවන් ! කොහොමද හැමෝම සැපෙන් සනීපෙන් ඉන්නවා නේද? ප්‍රථමාධාර ගැන දැනගන්න, ඉගෙන ගන්න ඔයාලා ආසාවෙන් බලාගෙන ඉන්න නිසා ම, අපි හිතුවා වැඩිය පරක්කු නොකර ඉක්මනටම අපේ දෙවෙනි ලිපියත් පළ කරන්න.  කලින් ලිපිය  අවසානයේ සඳහන් කළා වගේම, මේ ලිපියෙන් අපි අද කතා කරන්නෙ ප්‍රථමාධාර කියන විෂය සම්බන්ධව ලෝකයේ සහ ලංකාවේ ප්‍රවීණත්වය ලබාගත් ආයතන පිළිබඳව. ප්‍රථමාධාර සම්බන්ධ ආයතන ප්‍රථමාධාර කියලා කියන්නෙ බොහොම පුළුල් විෂයයක්. අපේ ශරීරය වැඩ කරන හැටි, එක් එක් අවයව, පද්ධතීන් වල ක්‍රියාකාරිත්වය ගැන වෛද්‍ය විද්‍යාත්මක සොයාගැනීම්, නිර්දේශ අනුව තමයි ප්‍රථමාධාරයේ එන බොහොමයක් සංකල්ප නිර්මාණය වෙලා තියෙන්නෙ. ඉතින් ලෝකයේ ප්‍රථමාධාර සම්බන්ධයෙන් නම් දැරූ ප්‍රධාන ආයතන 3ක් අපිට හඳුනාගන්න පුළුවන්. (තවත් තියෙනවා. නමුත් මේ ආයතන 3 බොහොම පළපුරුදු, නිවැරදිව දැනුම බෙදා දෙන, ලෝකයම පිලිගත්ත, වගකිව යුතු ආයතන 3ක්) රතු කුරුස සමාජය ශාන්ත ජෝන් ගිලන් රථ සේවය ශාන්ත ඇන්ඩෘ ගිලන් රථ සේවය ඔයාලා අහල තියෙනවද "First Aid Manual" කියල පොතක් ගැන? මේ පොත තමයි බ්‍රිතාන්‍යයේ ප්‍රථම සහ එකම සම්පූර්ණ අනුමැතිය ලත් ප්‍රථමාධාර අත් පොත...

ආයුබෝවන් !

"First Aid for Life - එදිනෙදා දිවියට ප්‍රථමාධාර"  බ්ලොග් අඩවියට ඔබ සැම සාදරයෙන් පිලිගන්නවා. එදිනෙදා ජීවිතයේ වැඩ කටයුතු කරගෙන යද්දි අපිට විවිධාකාරයේ අනතුරු වලට වගේම ලෙඩ රෝග වලටත් මුහුණ දෙන්න සිද්ධ වෙනවා. ඔය අනතුරු වෙන හැම වෙලාවෙම අපි ඉන්නෙ දොස්තර කෙනෙක් ළඟ හරි, ඉස්පිරිතාලයක් ළඟ හරි නෙමෙයිනෙ. ඒ නිසා ඕනම කෙනෙකුට ප්‍රථමාධාර කියන විෂය ගැන යම් අවබෝධයක් තිබීම ගොඩක් වැදගත් වෙනවා. මොකක්ද මේ ප්‍රථමාධාර කියන්නෙ? ප්‍රථමාධාර කියලා අපි මොනවද කරන්නෙ? අපි කරන දේවල් හරියටම හරි ද? ගැටළුවක් ඇති නේද ඔයාලට? සමස්ථයක් විදිහට ලෝකයේ අනික් රටවල් වලට සාපේක්ෂව අපේ රටේ සාමාන්‍ය ජනතාව අතර ප්‍රථමාධාර පිළිබඳව අවබෝධය නම් ටිකක් අඩුයි. අන්න ඒ අඩුපාඩුව ටිකක් හරි පුරවන්න කියලා හිතාගෙන තමයි අපි මේ  "First Aid for Life - එදිනෙදා දිවියට ප්‍රථමාධාර"  කියන බ්ලොග් එක පටන් ගත්තෙ. ඉදිරියට මේ බ්ලොග් එකේ ලියවෙන ලිපි වල අරමුණ තමයි ප්‍රථමාධාර පිළිබඳව නිවැරදි අවබෝධයක් අපේ පාඨකයින්ට ලබා දෙන එක සහ අවශ්‍ය කුසලතාව ලබා ගන්න මග පෙන්වීම කරන එක. මේ ලිපි පෙල බොහොම විධිමත්ව, හැමෝටම තේරෙන විදිහට විස්තරාත්මක...