ක්ලාන්තයක් හැදුනොත් මොකද කරන්නෙ?
එදිනෙදා ජීවිතයේ අපිට මුහුණ දෙන්න සිදුවෙන එකී මෙකී නොකී විවිධ අනතුරු රෝගාබාධ අතරේ, බොහොම සුලබ දෙයක් තමයි ක්ලාන්තය කියන්නෙ. ජීවිත කාලෙටම එක වරක් හරි ක්ලාන්තයක් හැදුනෙ නැති කෙනෙක් ඉන්නවානම් ඒ කලාතුරකින්. ඉතින් අද මේ කතාබහ වෙන්වන්නේ කොයිවෙලාවෙ හරි ක්ලාන්තයක් හැදීගෙන ආවොත් හෝ හැදුනොත් කරන්න ඕන මොකද්ද කියල කතා කරන්න. ක්ලාන්තය ඇතිවෙන්නෙ ඇයි? ක්ලාන්තයක් ඇතිවෙන්න ප්‍රධාන හේතුව තමයි මොළයට ඔක්සිජන් සහ ග්ලූකෝස් සහිත රුධිරය තාවකාලික හේතුවක් නිසා ප්‍රමාණවත්ව නොලැබී යාම. මේ තත්ත්වය යම්කිසි වේදනාවක් නිසා, අධික වෙහෙස නිසා, දිගු වේලාවක් ආහාර නොගෙන සිටීම නිසා හෝ හැඟීම් දරාගැනීමට නොහැකිවීම නිසා ඇතිවන ප්‍රතික්‍රියාවක් වෙන්නත් පුළුවන්. විශේෂයෙන්ම උණුසුම් පරිසරයක දිගු වේලාවක් ශරීරය අක්‍රීයව පැවතීම (දිගු වේලාවක් සිටගෙන සිටීම, එකම ඉරියව්වෙන් සිටීම ) ආදියත් මීට හේතුවෙන්න පුළුවන්. මේ අක්‍රීය බව නිසා සිදුවෙන්නෙ, ශරීරයේ රුධිරයෙන් වැඩි ප්‍රමාණයක් පාද ආශ්‍රිතව එක් රැස් වෙමින් මොළයට සැපයෙන රුධිර ප්‍රමාණය තරමක් අඩු වෙන එක. ක්ලාන්තය හඳුනාගන්නේ කොහොමද ? අපි හිතමු ඔබට ක්ලාන්තයක...