Posts

මොකද්ද මේ "නව කොරොනා" වයිරසය කියන්නෙ?

Image
මේ දවස්වල අන්තර්ජාලයේ වගේම අසන දකින බොහෝ තැන්වල කතාවෙන මාතෘකාවක් තමයි "නව කොරොනා" කියල කියන්නෙ. ඉතාම කෙටි කාලයක් තුල මුළු ලෝකයේම අවධානය ඩැහැගන්නත්, භීතියට පත්කරන්නත් මේ මාතෘකාවට හැකිවෙලා තියෙනවා. මේ කතාබහ වෙන්වන්නේ, "නව කොරොනා" වයිරසය ගැන ඔබට යම් අවබෝධයක් ලබා දීමටයි.  මොකද්ද මේ "නව කොරොනා" වයිරසය කියන්නෙ? 2019 වසරේ දෙසැම්බර් මස 31 වන දින චීනයේ වුහාන් නගරයේ හඳුනානොගත් ස්වසන රෝගී තත්ත්වයක් පැතිරයන බවට වාර්තා වුණා. 2020 ජනවාරි 09 වන දින මෙම වයිරසය "කොරොනා" වයිරසයක් බවට හඳුනාගනු ලැබූ අතර එය මින් පෙර වසංගත ලෙස පැතිරගිය MERS-CoV (Middle East Respiratory Syndrome) සහ SARS - Severe Acute Respiratory Syndrome (සාර්ස්) රෝග ඇතිකළ කාණ්ඩයේම වෛරසයක් බවටද හඳුනාගනු ලැබුවා. කොරොනා වෛරසය කියන්නෙ ප්‍රධාන වශයෙන්ම ක්ෂීරපායීන් සහ පක්ෂීන් අතර රෝග ඇතිකළ හැකි වෛරස කාණ්ඩයක්. මුලින්ම මෙම රෝගය වාර්තාවූයේ සත්ව වෙළෙඳපොලක් ආශ්‍රිතව නිසා සතුන්ගෙන් පමණක් බෝවන රෝගයක් ලෙස සැලකුවද, රෝගය ව්‍යාප්තවීමට තුඩුදුන් චීනයේ වුහාන් ප්‍රදේශයට මෑතකදී සංචාරය නොකළ, වියට්නාමයේ ජීව

ක්ලාන්තයක් හැදුනොත් මොකද කරන්නෙ?

Image
එදිනෙදා ජීවිතයේ අපිට මුහුණ දෙන්න සිදුවෙන එකී මෙකී නොකී විවිධ අනතුරු රෝගාබාධ අතරේ, බොහොම සුලබ දෙයක් තමයි ක්ලාන්තය කියන්නෙ. ජීවිත කාලෙටම එක වරක් හරි ක්ලාන්තයක් හැදුනෙ නැති කෙනෙක් ඉන්නවානම් ඒ කලාතුරකින්. ඉතින් අද මේ කතාබහ වෙන්වන්නේ කොයිවෙලාවෙ හරි ක්ලාන්තයක් හැදීගෙන ආවොත් හෝ හැදුනොත් කරන්න ඕන මොකද්ද කියල කතා කරන්න. ක්ලාන්තය ඇතිවෙන්නෙ ඇයි? ක්ලාන්තයක් ඇතිවෙන්න ප්‍රධාන හේතුව තමයි මොළයට ඔක්සිජන් සහ ග්ලූකෝස් සහිත රුධිරය තාවකාලික හේතුවක් නිසා ප්‍රමාණවත්ව නොලැබී යාම. මේ තත්ත්වය යම්කිසි වේදනාවක් නිසා, අධික වෙහෙස නිසා, දිගු වේලාවක් ආහාර නොගෙන සිටීම නිසා හෝ හැඟීම් දරාගැනීමට නොහැකිවීම නිසා ඇතිවන ප්‍රතික්‍රියාවක් වෙන්නත් පුළුවන්. විශේෂයෙන්ම උණුසුම් පරිසරයක දිගු වේලාවක් ශරීරය අක්‍රීයව පැවතීම (දිගු වේලාවක් සිටගෙන සිටීම, එකම ඉරියව්වෙන් සිටීම )  ආදියත් මීට හේතුවෙන්න පුළුවන්. මේ අක්‍රීය බව නිසා සිදුවෙන්නෙ, ශරීරයේ රුධිරයෙන් වැඩි ප්‍රමාණයක් පාද ආශ්‍රිතව එක් රැස් වෙමින් මොළයට සැපයෙන රුධිර ප්‍රමාණය තරමක් අඩු වෙන එක. ක්ලාන්තය හඳුනාගන්නේ කොහොමද ? අපි හිතමු ඔබට ක්ලාන්තයක් හැදීගෙන එනවා

කම්පනය - Shock

Image
ආයුබෝවන් හැමෝටම! කට්ටියම සැපෙන් සහ සුවෙන් ඇති කියල විශ්වාස කරනවා. මේ දිග හැරෙන්නේ " First Aid for Life - එදිනෙදා ජීවිතයට ප්‍රථමාධාර" ලිපි මාලාවේ පහලොස්වැනි ලිපිය. පසුගිය ලිපියෙන් අපි කතා කලේ  තුවාල සහ රුධිර වහන කළමනාකරණය  පිළිබඳව. අද අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නෙ, ඉහත ලිපියෙදි අපිට හමුවුණු එක් වැදගත් අවස්ථාවක්, එනම් "කම්පනය - Shock" කියන රෝගී අවස්ථාව ගැන. මොළයට අවශ්‍ය ඔක්සිජන් සහ ග්ලූකෝස් සහිත රුධිරය නොලැබී යාම නිසා ඇතිවන තත්ත්වය අපි "කම්පනය" ලෙස හඳුන්වනවා.  මෙය ඉතාම බරපතල, මරණයෙන් කෙළවර විය හැකි තත්ත්වයක්. රෝගියෙකුට කම්පන තත්ත්වයක් ඇති වෙන්න නම් ප්‍රධාන සාධක දෙකක් බලපාන්න පුළුවන්. 1. හෘදයට රුධිරය පොම්ප කළ නොහැකි වීම. 2. සංසරණය කරවීමට තරම් රුධිරය සිරුර තුළ නොමැති වීම. හේතුව කුමක් වුවත් කම්පන තත්ත්වයකට අවසාන සාධකය වෙන්නෙ ඉහත ක්‍රියාවලි දෙකෙන් එකකට හෝ බාධා වෙන එක. එතකොට අධික රුධිර වහන තත්ත්වයකදී සිදු වෙන්නෙ සිරුරෙන් රුධිරය අධිකව ඉවත් වීම නිසා, සංසරණය කරවීමට තරම් ප්‍රමාණවත් රුධිරය සිරුරේ නොමැති වීම. මොළයට රුධිරය සැපයීම නිසි පරිදි සිදු නොවුනො

තුවාල සහ රුධිර වහන කළමනාකරණය - II

Image
ආයුබෝවන් හැමෝටම. දිගු විරාමයකින් පසුව නැවතත් අපේ ප්‍රථමාධාර ලිපි මාලාව ආරම්භ කරන්නයි සූදානම. ලිපි පෙළත් එක්ක රැඳී සිටිය අයට දැන් නම් අමතක වෙලත් ඇති. එහෙම අමතක වෙලා නම්, නැවත වරක් පසුගිය ලිපි කියවලා මතකය අළුත් කරගන්න මේ හොඳම වෙලාව. මේ දිග හැරෙන්නේ "First Aid For Life - එදිනෙදා ජීවිතයට ප්‍රථමාධාර ලිපි මාලාවේ දා හතරවන ලිපිය. ලිපිය අළුත් වුණාට අදත් අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නෙ තුවාල සහ රුධිර වහන කළමනාකරණය සම්බන්ධවම තමයි. පසුගිය ලිපියෙන් අපි කතා කළා තුවාල පිළිබඳව. අද අපේ කතාබහ වෙන්වන්නෙ, රුධිර වහනයක් කළමනාකරණය කරගන්නෙ කොහොමද කියන එක ගැන. ඇයි තුවාල සහ රුධිර වහන අවස්ථාවන් කළමනාකරණය කළ යුත්තේ? නිකන් තිබ්බම හරියන්නෙ නැද්ද? ඔය ප්‍රශ්න වලට පිළිතුරු අද මේ ලිපිය අහවර වෙද්දි ඔයාලට ලැබිල තියෙයි. තුවාලයක් / රුධිර වහනයක් අවදානම් වන්නේ ඇයි? අපේ ශරීරය පුරාම ද්‍රව්‍ය පරිවහනය සිදු කරන්නෙ රුධිරය මගින්. මේ ද්‍රව්‍ය අතරේ ඔක්සිජන් සහ ග්ලූකෝස් ප්‍රධාන තැනක් හිමි කරගන්නවා. ඒ අතරම හෝර්මෝන සහ එන්සයිම පරිවහනය, ශරීරයේ උෂ්ණත්වය යාමනය කිරීම, සෛල සහ පටක වලින් බැහැර කරන අපද්‍රව්‍ය වකුගඩු, අක්මාව වැනි ඉන්ද්‍රී

තුවාල සහ රුධිර වහන කළමනාකරණය

Image
ආයුබෝවන් හැමදෙනාටම! කට්ටියම සනීපෙන් ඉන්නවා නේද? "First Aid for Life - එදිනෙදා ජීවිතයට ප්‍රථමාධාර" ලිපි මාලාවේ දහතුන්වැනි ලිපියයි මේ දිග හැරෙන්නෙ. පසුගිය ලිපියෙන් අපි කතා කළා අපේ රුධිර සංසරණ පද්ධතිය ගැන. අද අපි කතා කරන්න සූදානම් වෙන්නෙ තුවාල සහ රුධිර වහන අවස්ථාවක් කළමනාකරණය කරන්නේ කොහොමද කියන එක ගැන.  තුවාල අපේ ශරීරයේ සෑම ස්ථානයක්ම පටක මගින් එකිනෙක සම්බන්ධ වෙලයි තියෙන්නෙ. ශරීරයේ ඕනෑම ස්ථානයක මේ පටක අතර තියෙන සම්බන්ධතාවය බිඳිම අපි තුවාලයක් කියල හඳුන්වනවා. බොහොමයක් තුවාල අවස්ථා වලදී දැකිය හැකි ලක්ෂණයක් තමයි රුධිරය වහනය වීම. මේ රුධිර වහනය ආකාර දෙකකට වෙන්න පුළුවන්. බාහිර රුධිර වහනය සහ අභ්‍යන්තර රුධිර වහනය තමයි ඒ ආකාර දෙක. බාහිර රුධිර වහනයකදී අපිට තුවාලය පේනවා, තුවාලයේ බරපතලකමත් අපිට තේරුම් ගන්න පුළුවන්. නමුත් අභ්‍යන්තර රුධිර වහනයක් ශරීරය මතුපිටින් දර්ශනය නොවෙන නිසා අපිට තුවාලය කොයි වගේ ද කියන එක ගැන තීරණය කරන්න අමාරුයි. රුධිර නාලයට හානිය සිදු වෙන ආකාරය අනුව අපිට තුවාලත් ප්‍රධාන ආකාර කිහිපයකට වර්ග කරන්න පුළුවන්. කැපුම් තුවාල - Incised Wound ඉරීම් තුවාල - Laceration Wou

රුධිර සංසරණ පද්ධතිය - Circulatory System

ආයුබෝවන් හැමෝටම ! කොහොමද සැප සනීප? සෑහෙන කාලෙකට පස්සෙ ඔන්න අද අපි ආවා අළුත් ලිපියක් අරගෙන. පහුගිය ටිකේම අතිශයින්ම කාර්යය බහුල වුණ නිසා ලිපියක් ලියන්න තියා බ්ලොග් එක පැත්ත පලාතෙවත් එන්න බැරි වුණා. තවමත් ඒ කලබල ගතිය අහවර නැති වුණත් කොහොමෙන් කොහොමෙන් හරි වෙලාව පොඩ්ඩක් හොරාගෙන මේ ලිපිය සකස් කරන්න හිතුවා. එදිනෙදා ජීවිතයට ප්‍රථමාධාර ලිපි මාලාවේ දොළොස්වැනි ලිපියයි මේ දිග හැරෙන්නේ. පසුගිය ලිපියෙදි අපි විස්තරාත්මකව කතා කළා ද්විතියික විනිශ්චය පිළිබඳව. අද අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නෙ අපේ රුධිර සංසරණ පද්ධතිය පිළිබඳව. අපි අර උසස් පෙළ විද්‍යා පාඩමක ඉගෙන ගන්නවා වගේ සංකීර්ණව මේ ගැන කතා කරන්න නම් බලාපොරොත්තු වෙන්නෙ නෑ. අපේ විෂයයට ප්‍රමාණවත් තරමේ කරුණු ටිකක් විතරයි අපි මේ ලිපියෙන් කතා කරන්නෙ.  මොකක්ද මේ රුධිර සංසරණ පද්ධතිය කියන්නෙ? රුධිරය පැත්තකින් තියමු.. මොකක්ද සංසරණය කියන්නෙ? එහාට මෙහාට ගමන් කරනවා වගේ අදහසක් නේද සරලව හිතුවොත්? එහෙනම් අපේ ශරීරයේ ද්‍රව්‍ය එහාට මෙහාට ගෙනියන එකට තමයි සංසරණ පද්ධතිය කියන්නෙ. ඒවා අරගෙන යන්නෙ රුධිරයේ දිය කරගෙන නිසා අපි මේකට රුධිර සංසරණ පද්ධතිය කියල කියනවා. මො

ද්විතියික විනිශ්චය - Secondary Survey

Image
ආයුබෝවන් ! හැමෝම සැපෙන් සනීපෙන් ඉන්නවා ඇති කියල විශ්වාස කරනවා. විවිධ මාතෘකා පිළිබඳව විවිධ ආකාරයෙන් කතා බහට ලක්වෙන වෙබ් අවකාශයේ තියෙන වෙබ් අඩවි, බ්ලොග් අඩවි දහස් ගාණක් අතරේ අපේ මේ බ්ලොග් එක ටිකක් විශේෂයි. මේකෙන් අපි අන්තර්ජාලය හරහා මුදල් උපයන හැටි නෙමෙයි කියල දෙන්නෙ. ව්‍යාපාරයක් පටන් ගන්න හැටි වත්, මාර්කටින් කරන හැටි ගැනවත් නෙමෙයි ඔබව දැනුවත් කරන්න උත්සාහ කරන්නෙ. සමහර විට ඒ නිසා වෙන්න ඇති අපේ බ්ලොග් එකට එච්චර ප්‍රතිචාර නැත්තෙත්. ඇයි ඉතින් මේක බැලුවා කියල සාක්කුවට කීයක්වත් වැටෙන්නෙ නෑනෙ. වෙන මොන මොනවාහරි සිංහලෙන් තියෙන බ්ලොග් අඩවි හොය හොයා යන අතරේ අහම්බෙන්වත් අපේ බ්ලොග් එක දැකලා ඒ දකින දේකින් ජීවිතේ යම් දවසක ප්‍රයෝජනයක් ගන්න ලැබුණොත්, එයයි අපේ සාර්ථකත්වය. අද මේ දිග හැරෙන්නෙ  "First Aid for Life - එදිනෙදා ජීවිතයට ප්‍රථමාධාර "  ලිපි මාලාවේ එකොළොස්වැනි ලිපිය. මීට කලින් ලිපියෙදි අපි කතා කළේ  ආරක්ෂිත ඉරියව්ව  පිළිබඳව. අද මේ බ්ලොග් අඩවියට ඉස්සෙල්ලාම ආපු කෙනෙක් නම්, අපි ආරාධනා කරනවා මුල ඉඳන් පළවුණු ලිපි ටිකත් කියවගෙන එන්න කියල. මොකද අපේ මේ ලිපි පෙළ දිග හැරෙන්නෙ ඉතාම ක්‍රමවත් ගලා