රුධිර සංසරණ පද්ධතිය - Circulatory System
ආයුබෝවන් හැමෝටම ! කොහොමද සැප සනීප? සෑහෙන කාලෙකට පස්සෙ ඔන්න අද අපි ආවා අළුත් ලිපියක් අරගෙන. පහුගිය ටිකේම අතිශයින්ම කාර්යය බහුල වුණ නිසා ලිපියක් ලියන්න තියා බ්ලොග් එක පැත්ත පලාතෙවත් එන්න බැරි වුණා. තවමත් ඒ කලබල ගතිය අහවර නැති වුණත් කොහොමෙන් කොහොමෙන් හරි වෙලාව පොඩ්ඩක් හොරාගෙන මේ ලිපිය සකස් කරන්න හිතුවා. එදිනෙදා ජීවිතයට ප්‍රථමාධාර ලිපි මාලාවේ දොළොස්වැනි ලිපියයි මේ දිග හැරෙන්නේ. පසුගිය ලිපියෙදි අපි විස්තරාත්මකව කතා කළා ද්විතියික විනිශ්චය පිළිබඳව. අද අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නෙ අපේ රුධිර සංසරණ පද්ධතිය පිළිබඳව. අපි අර උසස් පෙළ විද්‍යා පාඩමක ඉගෙන ගන්නවා වගේ සංකීර්ණව මේ ගැන කතා කරන්න නම් බලාපොරොත්තු වෙන්නෙ නෑ. අපේ විෂයයට ප්‍රමාණවත් තරමේ කරුණු ටිකක් විතරයි අපි මේ ලිපියෙන් කතා කරන්නෙ.
මොකක්ද මේ රුධිර සංසරණ පද්ධතිය කියන්නෙ? රුධිරය පැත්තකින් තියමු.. මොකක්ද සංසරණය කියන්නෙ? එහාට මෙහාට ගමන් කරනවා වගේ අදහසක් නේද සරලව හිතුවොත්? එහෙනම් අපේ ශරීරයේ ද්‍රව්‍ය එහාට මෙහාට ගෙනියන එකට තමයි සංසරණ පද්ධතිය කියන්නෙ. ඒවා අරගෙන යන්නෙ රුධිරයේ දිය කරගෙන නිසා අපි මේකට රුධිර සංසරණ පද්ධතිය කියල කියනවා. මොනවද එතකොට මේ අරගෙන යන ද්‍රව්‍ය ? ප්‍රධාන වශයෙන්ම ඔක්සිජන් සහ ග්ලූකෝස් තමයි මේ විදිහට රුධිරයේ දිය කරගෙන ඇඟ පුරාම අරගෙන යන්නෙ. මෙහෙව් රුධිර සංසරණ පද්ධතියේ ප්‍රධාන කොටස් 3ක් අපිට වෙන් කර දක්වන්න පුළුවනි.
1. රුධිරය
අපේ ශරීරයේ හැමතැනම එක වගේ නෑනෙ. සමහර තැන් පොඩියි.. සමහර තැන් ලොකුයි, නැවෙන තැන් තියෙනවා, හැරවෙන තැන් තියෙනවා. ලොකුයි පොඩියි කියල නෑ. මේ හැම තැනකටම, අවයවයකටම ඔක්සිජන් සහ ග්ලූකෝස් අත්‍යාවශ්‍යයි. මේ ඔක්සිජන් සහ ග්ලූකෝස් කැට කැට වගේ යන්න ගියා නම් කොහොම වෙයි ද? ඔක්සිජන් කැටයක් එනවා, ඊළඟට ග්ලුකෝස් කැටයක් එනවා. අන්න ඒක නිසා අපේ ශරීරය පුරා ඔක්සිජන් සහ ග්ලූකෝස් පරිවහනය කරන්න ස්වභාව ධර්මය යොදාගෙන තියෙන මාධ්‍යය තමයි රුධිරය. ලේ වල දිය කරගෙන අර කියපු ඒව ගෙනිච්චම ඕන පොඩි තැනකින් වුණත් බොහොම පහසුවෙන් ද්‍රව්‍ය රැගෙන යන්න පුළුවන්. සාමාන්‍යයෙන් වැඩිහිටියෙකුගේ ශරීරයේ රුධිරය ලීටර් 6 ක් / පයින්ට් 10 ක් විතර තියෙනවා.
2. හෘදය
ඔක්සිජන් සහ ග්ලූකෝස් දිය කරගත්තු රුධිරය අපේ ශරීරය පුරා සංසරණය කරවන්න නම් යම්කිසි බලයක් අවශ්‍ය වෙනවා. අන්න ඒ බලය සපයන්නෙ හෘදය මගින්. පෙණහැලි මගින් මුදාහරින ඔක්සිජන් මිශ්‍ර කරගෙන ශරීරයේ සෑම සෛලයකටම ඔක්සිජන් සහ ග්ලූකෝස් සපයන්නත්, සෛල වලදී මුදාහරින කාබන් ඩයොක්සයිඩ් මිශ්‍රිත රුධිරය නැවත පෙණහැලි කරා රැගෙන ඒමටත් අවශ්‍ය බලය සපයන්නේ හෘදය මගින්.
3. රුධිර නාලිකා
රුධිරය අපේ ඇඟේ හැම තැනම නිදහසේ නැහැ. රුධිර නාලිකා තුළින් තමයි හෘදයේ ඉඳන් ශරීරයේ අනෙකුත් අවයව පද්ධති වලට රුධිරය ගමන් කරන්නේ. ප්‍රධාන වශයෙන්ම ධමනි, ශිරා සහ රුධිර කේශනාලිකා කියන රුධිර නාල තුළින් තමයි රුධිරය සංසරණය වෙන්නේ.
ඉතින් සරලව ඕක තමයි රුධිර සංසරණ පද්ධතිය කියල කියන්නෙ. අපේ විෂය පථයට ඔය කියපු ටික ප්‍රමාණවත්. තව අමතර යමක් දැනගන්න ඕනෙ නම් ඉතින් පල්ලෙහායින් කොමෙන්ට් කරන්නකෝ. ප්‍රථමාධාරකරුවෙක් විදිහට ඔබ මතක තබාගත යුතු දේ තමයි, ඔය අපි සඳහන් කරපු රුධිර සංසරණ පද්ධතියේ ප්‍රධාන කොටස් 3න් එකකට හරි හානියක්/ බාධාවක් වුණොත්, එයින් අපේ සමස්ථ රුධිර සංසරණයටම බාධා වෙනවා කියන එක.
හොඳයි එහෙනම් අද ලිපිය හමාර කරන්නයි මේ සූදානම. අද අපි කතා කළේ රුධිර සංසරණ පද්ධතිය ගැන. ඊළඟ ලිපියෙන් අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නෙ තුවාල සහ රුධිර වහන කළමනාකරණය ගැන. එතකන් පරිස්සමට ඉන්න.. තුවාල කරගන්නෙ නැතුව. ජය වේවා !

මේක පිලිවලට ඕන.
ReplyDeleteඅනේ පද්ධතියේ කොටස් ටිකත් කියන්න යමු😟
ReplyDelete❤️❤️
Delete