Posts

Showing posts from May, 2017

මූලික ජීවිතාරක්ෂක ක්‍රමවේදය 2 - Basic Life Support 2

Image
ආයුබෝවන් හැමෝටම ! සනීපෙන් ඉන්නවා නේ කට්ටියම? දවස් කිහිපයකට පස්සෙ ඔන්න අද අපි අළුත් ලිපියක් අරගෙන ආවා. පහුගිය ලිපියෙන් අපි කතා කළේ මූලික විනිශ්චය, එහෙමත් නැත්තන් DRABC ක්‍රියාත්මක කරන ආකාරය පිළිබඳව. අද අපි මේ ලිපියෙන් කතා කරන්න බලාපොරොත්තු වෙන්නෙ මූලික ජීවිතාරක්ෂක ක්‍රමවේදය ක්‍රියාත්මක කරන ආකාරය පිළිබඳව. අපි මේකට කෙටියෙන් CPR කියලත් කියනවා.  මතකයිනෙ අපි කලින් කතා කරපු DRABC කියන පාඩම? අනතුර හඳුනා ගැනීම, ප්‍රතිචාර පරික්ෂාව, ස්වසන මාර්ගය විවෘත කිරීම, ස්වසනය පරික්ෂා කිරීම සහ රුධිර සංසරණය පරික්ෂා කිරීම / කෘතිම පපු තෙරපුම ලබා දීම කියන අදියර පහ තමයි මූලික විනිශ්චය එහෙම නැත්තන් DRABC කියන්නෙ. මෙන්න මෙතන ස්වසනය පරික්ෂා කරන අදියරෙන් පස්සෙ අපිට ලැබෙන්නෙ ප්‍රතිඵල දෙකයි. එක්කො රෝගියා ස්වසනය කරනවා, එහෙම නැත්තන් රෝගියා ස්වසනය කරන්නෙ නෑ. ඒ ලැබෙන ප්‍රතිඵලය අනුවත්, අපිට කරන්න පුළුවන් දේවල් ප්‍රධාන වශයෙන්ම දෙකයි තියෙන්නෙ. රෝගියා ස්වසනය කරනවා නම්, ආරක්ෂිත ඉරියව්වට හරවා රෝහල්ගත කරනවා.  රෝගියා ස්වසනය කරන්නෙ නැත්තන්, කෘතිම පපු තෙරපුම ලබා දෙමින් රෝහල්ගත කරනවා. ස්වසන පරික්ෂාවෙන් පස්සෙ අපි මේ...

මූලික ජීවිතාරක්ෂක ක්‍රමවේදය - Basic Life Support

Image
ආයුබෝවන් ! හැමෝම දෙයියනේ කියල සැපෙන් සනීපෙන් ඉන්නවා ඇති කියල හිතනවා. ටිකක් රාජකාරි බහුල වුණ නිසා දවස් දෙකකින් ලිපියක් පළ කරන්න බැරි වුණා. කොහොම වුණත් ඔන්න අද ආවා අළුත් ලිපියක් අරගෙන. අපි ඉතාමත් සතුටුයි ඔබට දැනුම් දෙන්න, මේ බ්ලොග් අඩවිය ආරම්භ කරලා සතියක් වගේ කාලයක් ඇතුළත අපේ බ්ලොග් එකට 400 කට වැඩි පිරිසක් ඇවිත් තියෙනවා. ඒ වගේම අපි විශ්වාස කරනවා, බ්ලොග් එකට ඇවිත් නිකන්ම යන්නෙ නැතිව මේකෙ පළවෙන ලිපි එහෙමත් කියවන්ට ඇති කියල. ඉතින් ඔයාල මේ ලිපි කියෙව්වනම්, ඒ ගැන ඔබේ අදහස් අපිට කියන්න. ඒක අපිට ලොකු ශක්තියක් වගේම සතුටක්. හොඳයි.. අද අපේ කතා බහ වෙන් වන්නේ, "මූලික ජීවිතාරක්ෂක ක්‍රමවේදය" කියන මාතෘකාව සම්බන්ධව. කලින් ලිපියෙදි අපි කතා කළානෙ මූලික විනිශ්චය කියන්නෙ මොකක්ද කියලා. නිශ්චලව වැටී සිටින රෝගියෙකුගේ මූලික ජෛව සාධක ක්‍රියාත්මකදැයි බැලීම තමයි මූලික විනිශ්චය කියල කියන්නෙ. අපි කිව්වනෙ ප්‍රථමාධාරයේදී ගැටයක් ගහන්නෙත් පිළිගත් න්‍යායයන් සහ ක්‍රමවේදයන්ට අනුව කියලා? මූලික විනිශ්චය සිදු කරන අන්න ඒ පිළිගත් ක්‍රමවේදය අපි DRABC කියල හඳුන්වනවා. මේ ඉංග්‍රීසි අකුරු පහෙන් දැක්වෙන්නෙ, මූලික විනිශ්චය...

මූලික විනිශ්චය - Primary Survey

Image
ආයුබෝවන් ! හැමෝම සනීපෙන් ඉන්නවා නේද? ගමින් ගම, දොරින් දොර ප්‍රථමාධාර දැනුම බෙදා දෙන අපේ ගමනේ තවත් අළුත් ලිපියක් අරගෙන ඔන්න අපි අදත් ආවා. පහුගිය ලිපියෙන් අපි කතා කළා  "රෝගී කළමනාකරණ පටිපාටිය"  පිළිබඳව. මතකයිද මොකක්ද කියලා? සරලව කිව්වොත් අපිට යම් රෝගියෙක් හමුවුණාට පස්සෙ රෝගියා රෝහල්ගත කරන තෙක් ප්‍රථමාධාරකරුවෙක් අනුගමනය කරන සම්පූර්ණ ක්‍රියා පිළිවෙත තමයි රෝගී කළමනාකරණ පටිපාටිය කියල කියන්නෙ. මේ දිග හැරෙන්නෙ  "First Aid for Life - එදිනෙදා දිවියට ප්‍රථමාධාර"  ලිපි මාලාවේ හත්වැනි ලිපිය. අද අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නෙ "මූලික විනිශ්චය" කියන, ප්‍රථමාධාරයේ එන අතිශය වැදගත් පාඩමක් ගැන. ආරම්භයේදීම මම ඔබෙන් පුංචි ප්‍රශ්නයක් අහන්නම්. මනුස්සයෙකුට ජීවත් වීම සඳහා අත්‍යාවශ්‍ය සාධක මොනවාද? වාතය? ජලය? ආහාර? ඇඳුම්? ඉන්න ගෙයක්? ඇයි අප්පේ කසාදයක්??  බලන්නකෝ මේ රූප සටහන දිහා. මොකක්ද මේ තියෙන්නෙ කියල හිතාගන්න පුළුවන්නෙ නේද? මේ තියෙන්නෙ අපේ ගෙදර වතුර ලබාගන්න විදිහ. වතුර ඕනෙ තරම් තියෙනවා ළිඳේ. ළිඳෙන් හැම වෙලාවෙම වතුර ඇද ඇද ඉන්න එක කරදර නිසා අපි තීරණය කළා නළ ජල...

රෝගී කළමනාකරණ පටිපාටිය

Image
ආයුබෝවන් ! කොහොමද ඔයාලට? හැමෝම සතුටින් ඉන්නවා ඇති කියල විශ්වාස කරනවා. කලින් ලිපියෙදි අපි කතා කළේ  ප්‍රථමාධාරකරුවෙකුගේ වගකීම් සහ කාර්යයභාරය  පිළිබඳව. ඒ ලිපියත් සමගින් අපි ප්‍රථමාධාරයේ මූලධර්ම කියන පාඩම නිමා කරල, දැන් අවතීර්ණ වෙන්නෙ රෝගී කළමනාකරණ පටිපාටිය පිළිබඳව කතා කරන්න. මේ පාඩමේදි තමයි කෘතිම ස්වසනය, ආරක්ෂිත ඉරියව්ව වගේ කොටස් ගැන කතා කරන්නෙ. ඒ වගේම මේ රෝගී කළමනාකරණ පටිපාටිය ඔස්සේ තමයි අපි රෝගියාගේ තත්ත්වය පිළිබඳව නිගමනයකට ඇවිත් ලබා දෙන ප්‍රථමාධාරය පිළිබඳව තීරණය කරන්නෙ. ඇත්තම කිව්වොත් මේව ඉතින් ප්‍රථමාධාරයේ ගල් පැලෙන සිද්ධාන්ත. නමුත් තර්කානුකූලව අවබෝධ කරගත්තම හරිම රසවත් පාඩම්. රෝගියෙක්ව දැකපු ගමන් එයාට තියෙන රෝගය හෝ ආබාධය ගැන කියන්න අපිට දිවැස් නැහැනෙ. ඒ නිසා ක්‍රමවත් ක්‍රියා පිළිවෙලකින් පසුව තමයි රෝගියාගේ තත්ත්වය කුමක්ද, රෝගය කුමක්ද, ලබා දිය යුතු ප්‍රථමාධාර මොනවාද කියන දේවල් තීරණය කරන්නෙ. අන්න ඒ ක්‍රමවත් ක්‍රියා පිළිවෙල අපි හඳුන්වනවා "රෝගී කළමනාකරණ පටිපාටිය" කියලා. රෝගියෙකු කළමනාකරණය කිරීමේ පිළිවෙළ අපිට ප්‍රධාන අදියර හතරක් යටතේ දක්වන්න පුළුවන්.   මූලික විනිශ්චය...

ප්‍රථමාධාරකරුවෙකුගේ වගකීම සහ කාර්යභාරය

Image
ආයුබෝවන් ! වාසනාවන්ත දවසක් ඔයාල හැමදෙනාටම. ඔන්න පොරොන්දු වුණා වගේම අදත් අපි ආවා අළුත් ලිපියක් අරගෙන. මේ,  "First Aid for Life - එදිනෙදා දිවියට ප්‍රථමාධාර"  ලිපි මාලාවේ පස්වැන්න. ඔයාලට තේරෙනවා ඇති අපි මේ ලිපි පෙළ සකසන්නෙ බොහොම පිළිවෙලක් ඇතිව. එහෙන් මෙහෙන් අමුණලා නෙමෙයි, මූලිකම තැන ඉඳන් ඉහලට යන විදිහට අනුපිළිවෙලට තමයි අපි ලිපි පළ කරන්නෙ. එහෙම කරන්නෙ, හැමදෙයක් ගැනම හොඳ වැටහීමක් ඔයාලට ලබා දෙන්නයි. ඒ නිසා අද මේ බ්ලොග් අඩවියට අළුතෙන් ආපු කට්ටිය ඉන්නවා නම්, අපි මුලින්ම පළ කරපු  "ආයුබෝවන්"  ලිපියේ ඉඳන් පිළිවෙලට කියවගෙන එන්න කියල අපි ඉල්ලා සිටිනවා. "අපි ලියපු ලිපි" තීරුවට ගියා නම් ඔයාලට ඒ ලිපි ලැයිස්තුව බලාගන්න පුළුවනි. කලින් ලිපිය අවසානෙදි සඳහන් කළා වගේම, අද අපි කතා කරන්නෙ ප්‍රථමාධාරකරුවෙකුගේ වගකීම් සහ කාර්යභාරය ගැන.  ප්‍රථමාධාරකරුවෙකුගේ වගකීම් සහ කාර්යභාරය ගුරුවරයෙකුගේ වගකීම මොකක්ද කියල මම ඔයාගෙන් ඇහුවොත්, මොකක්ද ඔයාල දෙන උත්තරේ? ඉගැන්වීම.. එහෙම නේද? විෂය කරුණු ඉගැන්වීම විතරද ගුරුවරයාගෙ වගකීම? තමන්ගෙ ශිෂ්‍යයාව විෂය දැනුම, කුසලතා, ආකල්ප වලින් පොහො...

ප්‍රථමාධාරයේ අරමුණු සහ ප්‍රථමාධාරකරුවෙකු සතු ගුණාංග

Image
ආයුබෝවන් ! හැමෝම කිසි අතුරු ආන්තරාවක් නැතුව බොහොම සතුටින් ඉන්නවා ඇති කියලා අපි හිතනවා. අපේ බලාපොරොත්තුවත් ඒකම තමයි. දවල් රෑ නැතුව වැඩ කරල අපි මේ  "First Aid for Life - එදිනෙදා දිවියට ප්‍රථමාධාර"  ලිපි පෙල සකසන්නෙ ඒ නිසානෙ.  ප්‍රථමාධාර යනු කුමක්ද?  කියන කලින් ලිපියෙදි පැහැදිලි කළා වගේම, හැම කෙනෙකුටම ප්‍රථමාධාර පිළිබඳ නිවැරදි දැනුමක් තිබීම ඉතා ම වැදගත්. අපේ නෑදෑයෙකුට, අසල්වැසියෙකුට මොකක් හරි අනතුරක්, ලෙඩක් ඇති වුණාම වෛද්‍යවරයාට කලින් අපිනෙ එතෙන්ට යන්නෙ. ඉතින් ඒ නිසාම, රෝගියාගේ ජීවිතය බේරාගැනීම වෙනුවෙන් ලොකු උදව්වක් දෙන්න අපිට පුළුවන්. අන්න ඒ ගැන ඔයාලට හොඳ අවබෝධයක් ලබා දෙන්න තමයි අපි මේ ලිපි පෙළ ඉදිරිපත් කරන්නෙ. ඉතින් අපි කැමතියි මේ ලිපි පෙළ ගැන ඔයාලගේ අදහස් දැනගන්න. ඒ විතරක් නෙමෙයි, මොනවහරි අඩුපාඩුවක් තියේනම් ඒ ගැන දැනගන්නත් අපි කැමතියි. එතකොට අපිට පුළුවන් ඉදිරියේදි එවැනි අඩුපාඩු ඇතිවෙන එක වළක්වන්න. (අනතුර කල් තියා හඳුනාගෙන එයින් වැළකී සිටීම තමයි හොඳම ප්‍රථමාධාරය ) හොඳයි එහෙනම් අද අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නෙ " ප්‍රථමාධාරයේ අරමුණු සහ ප්‍රථමාධාරකරුවෙක...